![]() |
![]() |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
|
|
2007 සැප්තැම්බර් 17 උතුරු - නැගෙනහිර සුනාමි තත්ත්වය පිළිබඳ කළ අනතුරු හැඟවීමේ අත්දැකීම් යළි සමාලෝචනය කරමින් වඩා හොඳ ක්‍රියාවලියක් සඳහා එය ඉවහල් කර ගනිමු පසුගියදා උද්ගත වූ සුනාමි අනතුරු හැගවීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක තත්ත්වයක පැවති අතර එහිදී ලබාගත් අත්දැකීම් යළි සමාලෝචනය කරමින් වඩාත් කාර්යක්ෂම ක්‍රමොපායන් සඳහා එය ඉවහල් කරගත යුතු බව ආපදා කළමනකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සැප්තැම්බර් 12 වනදා ඉන්දූනීසියාවේ සිදුවූ භූචලන හේතුකොට ගෙන ශ‍්‍රී ලංකාවේ සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි කළ පූර්ව අනතුරු හැඟවීමේ කාර්යයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, භූවිද්‍යා කැනීම් හා පතල් කාර්යාංශය, නාරා ආයතනය හා ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රාශියක් සාමූහිකව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුකොට ගෙන ඉතා කඩිනමින් වෙරළ තීරයේ නිවැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකරවීමේ කාර්ය ඉතා සාර්ථකව සිදු කළ බව ස්තූති පූර්වකව සඳහන් කළ යුතු වේ. එසේම අදාළ පූර්ව අනතුරු හැඟවීම්, ජනතාව අතරට යොමු කරවීමේ සන්නිවේදන කාර්ය ඉතා සාර්ථකව සිදු කළ විද්‍යුත් හා එෆ්. එම්. නාලිකා ඇතුළු සමස්ත මාධ්‍ය ජාලයටත් ටෙලිකොම් හා ඩයලොග් සන්නිවේදන සමාගම්වලටත්, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩලවලටත් මේ ක්‍රියාවලියේදී නන් අයුරින් සහයෝගය ලබාදුන් සියල්ලන්ටම ස්තූතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කොට ගනිමි. කෙසේ නමුත් මෙම සුනාමි අනතුරු හැඟවීමේ ක‍්‍රියාවලිය ජාතික මට්ටමේ සිට ග්‍රාමීය ජනතාව තෙක් යොමු කිරීමේදී ලබාගත් අත්දැකීම් නැවත මෙවැනිම ක්‍රියාවලියකදී වඩා සාර්ථක ලෙස යොදා ගැනීමේ අවශ්‍යතාවය මත නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය පැනනගී. ඒ අනුව මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ විශේසඥ දැනුමක් ඇති පුද්ගලයන් හා ආයතන මෙන්ම මේ සඳහා දායක වූ හා සේවා ලබාගත් සියලු කොටස් ජාතික හා දිස්ත්‍රක්ක මට්ටමින් මුණගැසී අදාළ ක්‍රියාදාමය පිළිබඳ පූර්ණ සමාලෝචනයක් කරගනිමින් අවශ්‍ය යැයි හැඟෙන නව ක්‍රියාවලීන් සඳහා ඉඩකඩ සැලසීමේ අවශ්‍යතාවයද ප්‍රයෝජනයට ගතයුතු බව තවදුරටත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙම ප්‍රවෘත්ති නිවේදනයෙන් අවධාරණය කරයි. ව. අ. සරත් ලාල් කුමාර ආපසු
|