home|info|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------

 

Dec 26, National Safety Day


උණුසුම් පුවත්










ශ්‍රී ලංකාවේ පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉතාලි රජයේ මැදිහත්වීම යටතේ ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිමකරන ලද ව්‍යාපෘති 19ක් සදහා යුරෝ මිලියන 52ක් වැය කර ඇති අතර එ සම්බන්ධයෙන් වන රාජ්‍යතාන්ත්‍රික වාර්තාව ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්බන්ධීකාරක Dr. Giovanni Franchini හා නියෝජ්‍ය වැඩසටහන් සම්බන්ධීකාරක Dr. Antonella Renzi යන මහත්ම මහත්මීන් විසින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට භාරදෙන අවස්ථාව ඡායාරැපයේ දැක්වේ.



ශ්‍රී ලංකාවේ පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ඉතාලි රජය යුරෝ මිලියන 52 වැය කරමින් නිමාකරන ලද ව්‍යාපෘති 19 ක වාර්තාව ආපදා කළමනාකරණ හා මානව සම්පත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට පිළිගැන්වේ.ප්‍රදේශයේ ගම්මාන අටක් ආවරණය කරමින් කුඹුරැ අක්කර 800ක් අස්වැද්දීමටත් එමගින් පවුල් 300කට සෙත සැලසෙන "කැපූ ඇළ" ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය තුළින් ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීමද සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ඉතාලි රජයේ මැදිහත්වීම යටතේ ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිමකරන ලද ව්‍යාපෘති 19 ක් සදහා යුරෝ මිලියන 52ක් වැය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන රාජ්‍යතාන්ත්‍රික වාර්තාව අද දින ඉතාලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්බන්ධීකාරක Dr. Giovanni Franchini හා නියෝජ්‍ය වැඩසටහන් සම්බන්ධීකාරක Dr. Antonella Renzi යන මහත්ම මහත්මීන් විසින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට භාරදෙන ලදි.

මේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වෙරළබඩ තීරයේ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ප්‍රදේශ ආවරණය වන ආකාරයෙන් ප්‍රධාන ව්‍යාපෘතීන් 19ක් කියාත්මක කර ඇති අතර නිවාස, පාසල් හා රෝහල් ගොඩනැගීම්, මාර්ග සංවර්ධන හා පානීය ජල ව්‍යාපෘති ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව සුනාමි ව්‍යසනය නිසා රැකියා අහිමි වූවන් සදහා ජීවනෝපායන් සැලසීමද ඊට අයත්ව තිබේ.

මේ වාර්තා පිළිගැන්වූ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ ඉතාලි රජය ශ්‍රී ලංකා රජයට විවිධ අවස්ථාවලදී මේ ආකාරයේ විශාල වටිනාකමකින් යුත් ආධාර උපකරණ ලබාදී ඇති අතර මේ වසර මුල් භාගයේදී තමා ඉතාලියේ කළ සංචාරයක ප්‍රතිචාරයක් ලෙස එරට ජනාධිපති ජෝජියො නැපලිටානො මහතාගේ සහභාගිත්වයෙන් ඉත‍ාලි රජයේ සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තව අතර අත්සන් තැබු අවබෝධතා ගිවිසුමට අනුව රැපියල් කෝටි 75 ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකි වූ බවයි. එම ගිවිසුමේ ප්‍රකාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, භු විද්‍යා හා පතල් කාර්යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, නාරා ආයතනය හා වෙරළ සංරක්ෂණ අධිකාරිය යන ආයතන වල සේවකයන් සදහා විශේෂඥ පුහුණු ලබාදීමේ හා තාක්ෂණික ආධාර ලබා ගැනීමේද අවස්ථාව සැලසී තිබේ.


පසුගියදා ඇති වූ ගංවතුර හා නාය යෑම් වලින් අසරණ වූ පවුල් වල සුභසාධනය සදහා  සීස මොබිටෙල් සමාගම හා ස්වාධීන රැපවාහිනී සේවය එක්ව කෙටි පනිවුඩ ිපි මාර්ගයෙන් එකතු කරන ලද රැපියල් ලක්ෂ 5ක මුදලක් පසුගියදා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වෙත පිළිගැන්වීය.

ඡායාරෑපයේ දැක්වෙන්නේ සීස මොබිටෙල්  සමාගමේ සභාපතිනී ලේෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය විසින් අදාල චෙක්පත පිළිගැන්වූ අවස්ථාවයි. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සදහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩී.ඒ අමරවර්ධන හා සිස මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් අමරසේකර යන මහත්වරැන්ද සහභාගි විය.

DMHR Photos


ආපදා කළමණාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ පෙ ද්ගලික ඉල්ලීමක ප්‍රතිඵලයක්  ලෙස දකුණු කොරියානු ජනරජයෙන් ලබාදුන් රැපියල් මිලියන 200ක ආධාර මුදල් උපයෝගී කර ගනිමින් අගලවත්ත නගරයට අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් හා ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනැගීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණ. ඡායාරෑපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවූ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති චොයි කී චුං මහතා උත්සව අවස්ථාවට සම්බන්ධ වූ ආකාරයයි.

DMHR

DMHR

DMHR


මේ දිනවල ඉන්දුනීසියාවේ සංචාරයක නිරතවන ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ආපදා කළමනාකරණ හා පූර්ව අනතුරැ දැනුම් දීම පිළිබද ද්විපාර්ශවීය අත්දැකීම් හුවමාරැ කර ගැනීමේ අරමුණින් එරට රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකුට හමුවිය.

ඡායාරෑපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉන්දුනීසියාවේ උප ජනාධිපති එමා ජුයුසු කල්ලා මහතා හමු වූ අවස්ථාවයි.

DMHR


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා ඉන්දුනීසියාවේ කළ සංචාරයේදී එරට සමාජ සේවා කටයුතු හා ආපදා කළමනාකරණය පිළිබද අමාත්‍ය බචාටියාර් චම්සියා මහතා හමු වී පූර්ව සුනාමි අනතුරැ දැනගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර ඒ අනුව ඉන්දුනීසියාවේ සිට විනාඩි 07ක කාලයකදී හදිසි අනතුරැ ලංකාවට දැනගැනීමේ අවස්ථාව සැලසී තිබේ.

ඡායාරැපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉන්දුනීසියාවේ සමාජ සේවා හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවයි.

DMHR


දකුණු කොරියානු ජනරජයෙන් ලද රැපියල් මිලියන 200ක පරිත්‍යාගයෙන් අගලවත්ත නගරයට අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් හා ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයකට මුල් ගල් තැබේ.

වැඩිදුර



--------------------------