home|info|documents|news|programs|resources|contacts


මෙම වෙබ් අඩවිය නැරඹීම සදහා අවශ්‍ය යුනිකෝඩ් සිංහල අකුරු මෙතැනින් ලබාගන්න. www.fonts.lk

Sinhala Fonts


Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------

 

Dec 26, National Safety Day

welcome

ප්‍රවෘත්ති නිවේදනයයි
ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා ඉතාලි රජයේ සිවිල් ආරක්ෂක සංවිධානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 750ක ආධාර මුදලක් ලැබී තිබේ

පසුගිය දිනවල ඉතාලියේ සංචාරයක නිරත වන ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එරට ජනාධිපති ජෝර්ජියෝ නැපොලිටානෝ මහතාගේ සහභාගිත්වයෙන්, ඉතාලි රජයේ සිවිල් ආරක්ෂක සංවිධානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මුල්කරගත් අදාළ ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා රුපියල් මිලියන 450ක්ද ඒ සඳහා වන තාක්ෂණික ආධාර වශයෙන් රුපියල් මිලියන 300ක්ද වශයෙන් රුපියල් මිලියන 750ක් වන ආධාර මුදලක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

වැඩිදුර


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා ඉතාලියේ කළ සංචාරයක ප්‍රතිඵලයක් ලෙස, ඉතාලි රජයේ සිවිල් ආරක්ෂක සංවිධානය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව, ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හා ආපදා අවම කිරීමේ ක්ෂේත්‍රයන් හා තාක්ෂණික කටයුතු සඳහා රුපියල් මිලියන 750ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

පසුගියදා ජල ගැලීම්වලට ලක්වූ මඩකලපුව, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව හා දඹුල්ල ආදී ප්‍රදේශවල ජල ගැලීම් පාලනය කිරීම සඳහා වන ව්‍යාපෘති සඳහාද මෙම මුදලින් කොටසක්ද වෙන් කෙරේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ ඉතාලියේ ජනාධිපති ‍ජෝර්ජියෝ නැපොලි‍ටානෝ මහතා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මුණ ගැසුණු අවස්ථාවයි. මීට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති හේමන්ත වර්ණකුලසූරිය හා ආපදා කළමනාකරණ හා මානව ‍හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් පීටර් ඩයස් අමරසිංහ මහතා ද සහභාගී විය.


ජනාධිපති දෙවන පදවි ප්‍රාප්තියට සමගාමීව ආපදා පෙර සූදානම් වීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානවලට රුපියල් ලක්ෂ 80ක සන්නි‍වේදන උපකරණ හා කළුතර ‍ජ්‍යේෂ්ඨ අධිකාරි කාර්යාලයට යාන්ත්‍රික බෝට්ටු දෙකක් ප්‍රදානය කිරීමද ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේදී සිදු කෙරිණි.

ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් අදාළ ‍පොලිස් ස්ථානවල ප්‍රධානීන් සඳහා අදාළ සන්නිවේදන උපකරණ ප්‍රදානය කළ අවස්ථාවයි. මෙම උත්සවයට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත්‍රලාල් මෙන්ඩිස්, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති පියල් නිශාන්ත හා කළුතර අතිරේක දිසා ලේකම් ඒ. ටී. ජී. පෙරේරා යන මහත්වරුද සහභාගී වූහ.


පානදුර නගර සීමාවේ, පානදුර දුම්රියපොළ අසල කාලයක සිට ගොඩගසා ඇති විශාල කුණු කන්ද නිසා ප්‍රදේශවාසීන්ට සිදුවී ඇති දුෂ්කරතා සොයාබැලීම සඳහා පසුගියදා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එහි සංචාරයක නිරත විය.

එහිදී ප්‍රදේශවාසීන් හා නගර සභා නියොජිතයින් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ක්ෂණික විසදුමක් ලෙස මෙම කුණු කන්ද වහා ඉවත් කිරීම සඳහා අවශ්‍ය මුදල් සම්පාදන ලබාදීමට එකඟතාවය පළ කළේය. ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍යවරයා අදාළ ප්‍රදේශ නිරීක්ෂණය කළ අවස්ථාවයි.


මතුගම පොදු වෙළඳ පොළ භූමියේ හදිසියේ ඇති වූ විදුලි කාන්දුවීමකින් වෙළඳ සැල් කිහිපයක් ගින්නට හසුවී මුළුමනින්ම විනාශ වී තිබූ අතර අදාළ සිද්ධිය පරීක්ෂා කිරීම සඳහා එහි පැමිණි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වෙළඳ සැල් හිමියන් හා ප්‍රාදේශීය සභා නිලධාරීන් සමඟ ලබාදිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

ඒ අනුව මූලික පියවරක් ලෙස අදාළ වෙළඳ සැල් හිමියන්ට, අවශ්‍ය සෙවිලි තහඩු ලබාදීමට කළුතර ආපදා මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.


පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

දෙපාර්ශ්වීය සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් නියෝජිත පිරිසේ නායකත්වය දරනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බෙටී විලියම්ස් මහත්මියයි. සෙසු අය අතර ලෝඩ් ඩොලාකියා, සයිමන් බර්න්ස්, ග්‍රෙග් හැන්ඩ්ස් යන පිරිසද ඡායාරූපයේ වෙති.


ප්‍රවෘත්ති නිවේදනයයි
සුනාමි තත්ත්වය පිළිබඳ කළ අනතුරු හැඟවී‍මේ අත්දැකීම් යළි සමාලෝචනය කරමින් වඩා හොඳ ක්‍රියාවලියක් සඳහා එය ඉවහල් කර ගනිමු

පසුගියදා උද්ගත වූ සුනාමි අනතුරු හැගවීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක තත්ත්වයක පැවති අතර එහිදී ලබාගත් අත්දැකීම් යළි සමාලෝචනය කරමින් වඩාත් කාර්යක්ෂම ක්‍රමොපායන් සඳහා එය ඉවහල් කරගත යුතු බව ආපදා කළමනකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

වැඩිදුර


නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදුවූ නාය යෑම් හේතුවෙන් අවතැන් වූවන් සඳහා සහන සලසයි



නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ හා හඟුරන්කෙත ප්‍රදේශවල සිදුවූ නාය යෑම් හේතුකොටගෙන අවතැන් වූවන් සඳහා සහන සැලසීමට පසුගියදා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය. අදාළ ප්‍රදේශවල ආපදා අවම කිරීම සඳහා රුපියල් මිලියන 20ක මුදලක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ලබාදුන් අතර ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා පශු සම්පත් අමාත්‍ය පී. බී. රත්නායක මහතා වලපනේ නිල්වැල්ල නායගිය ප්‍රදේශයක් නිරීක්ෂණය කරන ආකාරයයි.


කැළණි ගං ඉවුරු ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 10ක්



ගම්පහ ආපදා කළමනාකරණ දිස්ත්‍රික් සැලැස්ම යටතේ කැළණි ගං ඉවුරු ප්‍රතිසංස්කරණය සඳහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමට ක්‍රියා කළේය.

ඡායාරූ‍පයේ දැක්වෙන්නේ අදාළ මුදල් චෙක්පත ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. රූපරත්න මහතා ‍වෙත පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ආපදා කළමනාකරණ දිස්ත්‍රික් සමාලෝචන වැඩමවේදී ප්‍රදානය කළ අවස්ථාවයි.


කැළණි ගං ඉවුර ආශ්‍රිත ප්‍රදේශවලට ක්ෂණික ආපදා කළමනාකරණ ආරක්ෂක මෙහෙයුමක්



පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති කැළණි ගං ඉවුර ආශ්‍රිත ප්‍රදේශවලට ගම්පහ ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ නිලධාරින් විසින් ක්ෂණික ආරක්ෂක මෙහෙයුමක් දියත් කරන ලදී. මේ අනුව කැළණි ගං ඉවුර බිඳී යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කරන ලද අතර එමගින් අවට ප්‍රදේශවාසීන්ගේ ජීවිත හා දේ‍පල විශාල සංඛ්‍යාවක් ආරක්ෂා කර ගත හැකි විය. මෙය ප්‍රදේශවාසීන්ගේ නොමද ප්‍රශංසාවට හේතු වූ කරුණක් විය. එසේම මෙම හදිසි ආපදා තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යතුමන් 2007. 5.16 දින එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිතාවක යෙදෙන ලදී. අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 100ක ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.


සුනාමි ව්‍යසනයේදී ගිලන්රථ සේවය සඳහා ස්වේච්ඡාවෙන් දායකත්වය ලබාදුන් පුරෝගාමීන් ඇගයේ



ශාන්ත ජෝන් ගිලන් රථ සේවයට වසර 100ක් පිරීමත් පසුගිය සුනාමි ව්‍යසනය අවස්ථාවේදී ගිලන්රථ සේවය සඳහා ස්වේච්ඡාවෙන් දායකත්වය ලබාදුන් පුරෝගාමීන් වෙත සම්මාන පිළිගැන්වීමක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ අණදෙන නිලධාරිවරයෙකුට ඔහුට හිමි පදක්කම පලඳවන අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.


පසුගියදා ජිනීවා නුවර පැවති 15 වන කාලගුණ විද්‍යා සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.



ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඇතුළු නිලධාරි පිරිස අදාළ සමුළුවට සහභාගී වූ අවස්ථාවයි.


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය විසින් ආපදා අවම කිරීමේ හා පෙර සූදානම් කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර ඇත.

වැඩිදුර


ජිනීවා නුවර පැවති 15 වන කාලගුණ විද්‍යා සමුළුවේ සමාරම්භක කතාව පැවැත්වීමේ අවස්ථාව ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යතුමන්ට හිමිවෙයි

15 වන කාලගුණ විද්‍යා සමුළුව පසුගිය මැයි 7 වන දින සිට 25 වන දින තෙක් ජිනීවා නුවරදී පැවැත්විණි. එහිදී විශාල පරාසයක විහිදුණු කාලගුණික සහ පවතින පරිපාලන අංශ පිළිබඳව අවධානය යොමු කිරීමට අවස්ථාව සැලසිණි. සෑම සිව්වසරකටම වරක් පැවැත්වෙන මෙම සමුළුව සඳහා උසස් රාජ්‍ය නිලධාරින්, ලෝක ‍කාලගුණික විද්‍යා සංවිධානයේ නි‍යෝජිතයන් ‍සහභාගි වෙති.

ශ්‍රී ලංකාව හා ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අතර ඇති දැඩි සබඳතාවය හේතුකොට මැයි 7 වන දින ‍පැවති සමුළු‍වේ සමාරම්භක දිනයේදී සමාරම්භක කතාව පැවැත්වීමට ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට අවස්ථාව උදාවිය.


හොරවාපතානට ආපදා කළමනාකරණය පිළිබද පුහුණු මධ්‍යස්ථානයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරවාපතාන ඡන්ද කොට්ඨාසයේදී ආපදා කළමනාකරණය පිළිබද පුහුණු මධ්‍යස්ථානයක් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අතින් පසුගියදා විවෘත කළේය.

රජරට සංවර්ධන පදනමේ සභාපති හා ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ඉල්ලීමකට අනුව ඉතාලියේ අවුස්තා වැලි ප්‍රාන්ත පලාත් සභාව විසින් රුපියල් මිලියන 80ක් පමණ වන මුදලක් වැය කළ මෙම පුහුණු මධ්‍යස්ථානය පරිගණක ඒකකයක්, ගිනි නිවන ඒකකයක් හා අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විතයි.


වැඩිදුර

 

--------------------------