home|info|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------

 

Dec 26, National Safety Day

welcome


ඇමතිතුමාගේ තොරතුරු

Mahinda Samarasinghe

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද සමරසිංහ මහතා ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරයි. ඔහු හිටපු කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍යවරයාද වෙයි.

එසේම ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ විපක්ෂ මන්තී‍්‍රවරයෙක් වශයෙන්ද එතුමා කටයුතු කර ඇත.

‍‍හෙතෙම ඔස්ටේ‍්‍රලියාවේ‚ මෙල්බෝර්න්හි ලා ට්‍රොබේ සරසවියේ ආර්ථික විද්‍යා ගෞරව උපාධිධරයෙකි.

විදෙස් සේවා කටයුතු සඳහා සහභාගි වීමෙන් ඔහු ඔස්ටේ‍්‍රලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. එ‍ෙමන්ම ජිනීවාහි පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය බලකායේ උපදේශක වශයෙන්ද සේවය කළේය. අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO), ලෝක ‍‍‍‍ෙසෟඛ්‍ය සංවිධානය (WHO), අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය (ITU) සහ ලෝක වායුගෝලීය කටයුතු පිළිබඳ සංවිධානය (WMO) යන ආයතයන්හි ශ්‍රී ලංකා නියෝජිතවරයා වශයෙන්ද කටයුතු කළේය.

ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය බලකායේ සේවය කරන අතරේ 1986 සහ 1987 වර්ෂයවලදී පැවතී අන්තර්ජාතික කම්කරු සංවිධානයේ ප්‍රධාන සමුළු සඳහා මෙන්ම 1985-1987 දක්වා කාලය තුළ පැවැති අන්තර්ජාතික කම්කරු සමුළු සඳහාද ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය නියෝජනය ලබා දුණි. එමෙන්ම 1987 පැවැති අන්තර්ජාතික කම්කරු සමුළුව අවසානයේ ඔහු විසින් ඉදිරිපත් කළ ‘ශ්‍රමික නිවාස' තොරතුරු වාර්තාව සඳහා සමුළුව විසින් යොජනා ස්ථීර කොට සම්මත කර ගන්නා ලදී.

1985 - 1987 කාල සීමාවේදී ලොව විවිධ රටවල්වල පැවැති අන්තර්ජාතික කම්කරු සංවිධානයේ කලාපීය සමුළු සඳහාද සමරසිංහ මහතා සහභාගි විය.

1988දී කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසි සමරසිංහ මහතා බස්නාහිර පලාත් සභාවට තේරී පත්විය.

1994 දී ජාතික දේශපාලනයට පිවිසි ඒ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් වශයෙන් තේරී පත් වූ අතර 2000, 2001 සහ 2004 වසරේදී නැවත සිය අසුන දිනා ගැනීමට සමත් විය. 1994 – 2001 කාල සීමාවේදී විපක්ෂයේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ ඒ මහතා සෞඛ්‍ය ආර්ථික යටිතල පහසුකම් අමාත්‍ය පාර්ලිමේන්තු අමාත්‍යවරුන්ගේ උපදේශක කමිටුවෙන් වාණිජ මූල්‍ය විදෙස් කටයුතු කර්මාන්ත අමාත්‍ය වශයෙන්ද කටයුතු කළේය.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ඡන්දයට ඉදිරිපත් වීමත් සමඟ අන්තර් ජාතික දේශපා‍‍යෙ‍් කි‍්‍රයාකාරි භූමිකාවක් නිරූපනය කිරීමේ අවස්ථාව උදාවිය.

අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත වශයෙන් විධායක කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කළේය.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටුව සඳහා ඡන්දයෙන් තේරීපත් වු නියෝජිත සාමාජිකයෙක් වශයෙන් 1996-1999 දක්වා කාලය තුළ කටයුතු කළ ඒ මහතා, 1999-2004 කාලසීමාවේදී එම කමිටුවේ නිත්‍ය සාමාජිකයෙක් වශයෙන්ද කටයුතු කළේය.

ජිනීවාහි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හිමිකම් සඳහා වු කමිටුවේ උප සභාපති හා සභාපති තනතුරද හොබවන ලදී.

සමරසිංහ මහතා මානව හිමිකම් සම්බන්ධයෙන් කි‍්‍රයාකාරීව කටයුතු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්ය සාධනය උපදේශන කමිටුවේ සාමාජිකයෙක් වශයෙන්ද කටයුතු කළේය. මානව හිමිකම් සුරැකීමේ හා ප්‍රවර්ධනය කිරීමේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විධායක සාමාජිකයෙකු වන හෙතෙම ශ්‍රී ලංකා මානව හිමිකම් කි‍්‍රයාකාරීත්වය සොයා බැලීමේ කොමිසමේ පාර්ලිමෙන්තුවේ තෝරාගත් කමිටුවේ සභාතිවරයාද වේ.

ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණය පිළිබදව ද උනන්දුවක් දැක්වු ඒ මහතා විශේෂවයෙන්ම රටේ උතුරු - නැ‍‍‍ගෙනහිර ප්‍රදේශයන්හි පවතින තත්වයට දේශපාලන විසදුම් ලබාදීම සඳහාද මැදිහත්වී කටයුතු කෙරීය.

එක්සත් ජාතික පක්ෂයේ නීති සම්බන්ධතා කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන අතර හෙතෙම 1999 දී ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් සමග මාස 6කට වරක් හමුවී සාකච්ඡා පවත්වන සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත නීති සම්බන්ධතා කටයුතු පිළිබඳ කමිටුවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. ඔහු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්ද කි‍්‍රයාකාරීව කටයුතු කළ අයෙකි.

සමරසිංහ මහතා වර්තමානයේ ශ්‍රී ලංකා - ඔස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තු සංගමයෙ‍් සහ ශ්‍රී ලංකා - ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු සංගමයෙ‍් සභාපති වශයෙන් ද ශ්‍රී ලංකා - ඉන්දියා පාර්ලිමේන්තු සංගමය‍, ශ්‍රී ලංකා - තායි පාර්ලිමේන්තු සංගමය, ශ්‍රී ලංකා - කොරියා පාර්ලිමේන්තු සංගමය‍‍ ලේකම් වශයෙන්ද, සුනාමි ව්‍යසනයෙන් පසුව ස්ථාපිත කළ ස්වභාවික ආපදා කමිටුවේ සභාපති වශයෙන් නිතරගයෙන් තේරී පත්විය.

තිදරු පියෙක් වන සමරසිංහ මහතා, වර්තමානයේ ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් කැබිනට් අමාත්‍ය වශයෙන් කටයුතු කරයි.

--------------------------