![]() |
![]() |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
|
|
මරණයට පත්වූවන් සඳහා රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් වශයෙන් 23 දෙනෙකුට හා තුවාල ලැබූවන් සඳහා රුපියල් විසිපන්දහස බැගින් 53 දෙනෙක් සඳහා වන්දි ලබාදුන් අතර ඊට දායකත්වය සැපයුවේ අනතුරට පත් ට්‍රකි රථ සමාගමයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජපෑන් ඉන්ටනැෂනල් කෝපරේෂන් සිස්ටම්ස් සමඟ අත්වැල් බැඳගන්නා ලද්දේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යාගාර උපකරණ මෙන්ම පසු සුනාමි අලුත්වැඩියා සඳහා සෘජුව අදාළ වන ගොඩනැගිලි උපකරණ සහ ඉදිකිරීම් පර්යේෂණ හා පාරිසරික නිරීක්ෂණ උපකරණ පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙනි. මෙම යෝජනාව සඳහා ජපන් රජයේ අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව ජපෑන් ඉන්ටනැෂනල් කෝපරේෂන් නියෝජිතායතනය විසින් තාක්ෂණික ආධාර වැඩසටහන යටතේ මේ වෙනුවෙන් රුපියල් මිලියන 58.7ක ආධාරයක් ලබාදෙයි.ආධාර පිරිනැමීමේ උත්සවය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර ඒ සඳහා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම්, ජපෑන් ඉන්ටනැෂනල් කෝපරේෂන්හි ව්‍යාපෘති කළමනාකරු සහ ආරාධිතයන් රැසක් සහභාගී වූහ. මේ යටතේ සපයන ලද උපකරණ පහත පරිදි වෙයි. • භූ තාක්ෂණික පර්යේෂණ කටයුතු සඳහා (රුපියල් මිලියන 37.5ක වටිනාකමින් යුතුය.)
Drilling Machine
Drilling Machine
Drilling Machine ජාතික ආරක්ෂක දිනය සෑම වසරකම දෙසැම්බර් 26වන දිනය ජාතික ආරක්ෂක දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ආපදා සූදානම, ලබන දැනුම හා පුහුණුව නැවත මතකයට නැංවීම, ආපදා අවම කිරීමේ ක්‍රම ගැන අවබෝධය ලබාදීම සඳහා දීප ව්‍යාප්තව ජාතික වැඩසටහනක් මෙදිනදී ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් පාසල් ළමුන් මෙන්ම ජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක් සකස් කර ඇත. මේ යටතේ එදිනදී පන්සල් , කෝවිල්, පල්ලි, මුස්ලිම් දේවස්ථාන ආදී සියලු ආගම්වලට අයත් ආගමික ස්ථානවල පෙ.ව. 9.25 සිට 9.27 දක්වා සීනු හැඬවීමට සහ එදින පස්වරුවේ සුදුසු ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. විවිධත්වය තුළ සමගිය යන්න තේමා කරගනිමින් එදින පාසල් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මුල් කරගත් විවිධ වැඩසටහන් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. එමෙන්ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසා චිත්‍ර හා රචනා තරග පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.
|