home|info|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------

 

Dec 26, National Safety Day


වැඩසටහන්

සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා - ආපදා අවදානම් කළමනාකරණය සඳහා වූ මාර්ග සිතියම

ආපදා කළමනාකරණ ඒකකයේ වැඩසටහන්

* ආ‍පදා කළමනාකරණ සම්බන්ධීකරණය හා මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහා මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති අතර, ගොඩනැගිල්ලේ සැලසුම් සකස් කර අවසන්ය. මෙම වර්ෂයේ එහි ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

* ආ‍පදා කළමනාකරණ කටයුතු සඳහා තාක්ෂණික ආධාර ලබාගැනීම පිණිස පහත ජාත්‍යන්තර ආයතන සමඟ අවබෝධතා ගිව්සුම් අත්සන් කර ඇත.

  1. එක්සත් ජාතීන්ගේ  සංවර්ධන වැඩසටහන (UNDP) ‍
  1. ඉතාලියේ කැලබ්‍රියා විශ්වවිද්‍යාලය  
  1. ඇමරිකානු ආධාර වැඩසටහන (USAID)
  1. ආසියානු ආපදා පෙර සුදානම් මධ්‍යස්ථානය (ADPC) බැංකොක්, ආපදා අවම කිරීමේ විවිධ ව්‍ය‍ාපෘති ශ්‍රී ලංකාව තුළ  දියත් කිරීම.
  1. ජපාන අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සිය.

ආපදා අවම කිරීමේ වැඩසටහන්

1. කොලොන්නාව ප්‍රදේශය  ගංවතුර පාලනය, කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල ස්වාභාවික වෙරළ ආරක්ෂක පවුරක් සඳහා වෙරළ තීරයේ ගස් සිටුවීම හා රත්නපුර / කළුතර දිස්ති‍්‍රක්කයන්හි ගංවතුර ආපදා අවම කිරීම සඳහා සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා අවැසි  උපකරණ ලබා දෙන ලදී.

2. නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශ සඳහා වැසි ජල ටැංකි ඉදිකිරීම පිණිස ප්‍රජා මූල දායකත්වය යටතේ හම්බන්තොට සහ නුවරඑළිය දිස්ති‍්‍රක්ක සඳහා ප්‍රතිපාදන ලබාදී ඇත.

3. මාතලේ දිස්ති‍්‍රක්කය තුළ පොළොව ගිලාබැස්ම හා නාය යෑම, ආපදා තක්සේරුව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමඟ ගිව්සුම් අත්සන් කර ප්‍රතිපාදන ලබාදීම.

4. රත්නපුර / කළුතර / ගාල්ල ආදී දිස්ති‍්‍රක්කවල ආපදා අවස්ථාවන්හිදී බෝට්ටු / අගුල්/විදුලිජනක සැපයීම තුළින් ගංවතුර හානි අවම කිරීම සඳහා ලෝක බැංකුව විසින් රුපියල් මිලියන 100ක ආධාර යටතේ භාණ්ඩ සපයා ගැනීමේ කටයුතු කෙරෙමින් පවති.

5. සාක් (SAARC) ආ‍පදා කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට  දායකවීම හා එහි සාමාජිකත්වය දැරීම. තොරතුරු හුවමාරුව - කලාපීය සහයෝගය, පුහුණුව හා අධ්‍යාපනය විවිධ ආපදා ‍අවම කිරීමේ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණ වේ.

6. හදිසි ආපදා වැළක්වීම හා මැඩපැවැත්වීම සඳහා ජාතික / දිස්ති‍්‍රක්ක/ ප්‍ර‍ාදේශ‍ීය
මට්‍ටමින් කමිටු පිහිටුවීම හා ගම් මට්ටමින් විමසුම් කමිටු පිහිටුවීම.

7. ආ‍පදා කළමනාකරණ‍යේ යෙදී සිටින රාජ්‍ය නොවන සංවිධාන හදුනාගැනීම හා පදිංචි කිරීම හා ඔවුන් සමඟ සහයෝගිතාව ඇති කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.

8 . 2006 ඔක්තෝබර් / නොවැම්බර් පැවැති ගංවතුරෙන් සිදු වු හානි තක්සේරු කිරීම හා ඒවා වැලැක්වීමට යෝජනා ඉදිරිපත් කිරීම‍ට විවිධ ක්ෂේත්‍රයන්හි නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 4ක් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර  දිස්ති‍්‍රක්ක සඳහා පත්කර ඇත. එම කමිටුවල වාර්තා අනුව ඉදිරි කටයුතු සැලසුම් කරනු ඇත.

9. පසුගිය කාලයේ නැගෙනහිර පලාතේ සිදු වූ කලබලකාරී තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැපයීම පිණිස පියවර ගණනාවක් ගන්නා ලදී.

  • ආ‍පදා කළමනාකරණ‍ය සඳහා ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇත. ඊට විධිමත් අනුමැතිය ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කෙරේ.

11. සුනාමියෙන් පසුව මාස 3 සිට 6 දක්වා අතර කාලයක් තුළ සහන සේවා සැපයීමත් ඉන්පසුව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ ආකාරයන් පිළිබද ස්වාධීන ඇගයීමක් කිරීමට අමාත්‍යාංශය අදහස් කර ඇත. එම ඇගයීම තුළින් පවත්නා වැඩසටහන්වල දුර්වලතාවන් හඳුනාගැනීමත් අතපසු වී ඇති වැඩ කොටස් හඳුනාගැනීමත් එමගින් වඩාත් ඵලදායක අන්දමට සම්පත් මෙහෙයවීමත් අරමුණු වන්නේය. සමස්තයක් ලෙස එමගින්  ව්‍යසනයට පත් වූ ජනතාවගේ වගකීම හා ආධාර ලබාදුන් ආයතනවල වගකීම ඇගයීමකට පාත්‍රවන්නේය.

12.රසායන අවි සම්මුති ජාතික අධිකාරියේ මෙහෙයුම් කමිටුව (NACWC) සඳහා මෙම අමාත්‍යාංශය එක් පාර්ශවකරුවෙකු ලෙස පත් කරගෙන ඇත.

අත්වැල් බැදගෙන ඇති සංවිධාන

* ජපන් ආසියානු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (ADRC) - www.adrc.or.jp
* ආසියානු ආපදා කළමනාකරණය සඳහා පෙර සුදානම් මධ්‍යස්ථානය (ADPC) - www.adrc.net
* නවදිල්ලියේ සාක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - www.nidm.ne

 

--------------------------