home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------


කමිටු

මානව හිමිකම් පිළිබඳ ස්ථාවර කමිටුව
මානව හිමිකම් පිළිබඳ ගරු ඇමතිතුමා සහ විදේශ කටයුතු ගරු ඇමතිතුමා සම සභාපති ධූරයන් දරන මෙම කමිටුව මගින් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගනු ලබන්නේය. මෙම කමිටු රැස්වීම් වාරයක් පවත්වා ඇත.

මානව හිමිකම් පිළිබඳ උපදේශක සභාව
මානව හිමිකම් පිළිබඳ ගරු අමාත්‍යවරයා වෙත මානව හිමිකම් කඩවීම් වළක්වා ගැනීම, මානව හිමිකම් සංවර්ධනය සහ මානව හිමිකම් මෙවලම් රට තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව උපදේශක මඬුල්ලක් ලෙස මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සහ සිවිල් සමාජ නියෝජිතයන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් මානව හිමිකම් උපදේශක සභාවක් පත් කරනු ලැබ ඇත. මෙම සභාව සෑම සති 3-4කට වරක්ම රැස්වී වර්තමාන රටේ තත්ත්වය පිළිබඳ සමාලෝචනය කරමින් අමාත්‍යවරයා වෙත ඔවුන්ගේ උ‍පදෙස් ලබාදේ. තවද එම සභා රැස්වීම්වලට රජය නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්වකරැවන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්ද අමාත්‍යවරයා විසින් කැඳවීම් කරනු ලබයි. මේ දක්වා රැස්වීම් වාර 8ක් පවත්වා ඇත.

මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ කමිටුව
මානව හිමිකම් පිළිබඳ ස්ථාවර කමිටුවේ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාත්මක බාහුව ලෙස මෙම කමිටුව ක්‍රියාතිමක කරයි.  මෙම කමිටුවේ සභාපතීත්වය ගරු මානව හිමිකම් අමාත්‍යවරයා විසින් දරයි. මේ දක්වා කමිටු රැස්වීම් අටක් පවත්වා ඇත. එම රැස්වීම් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් සහ ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන්ද ඇතුළුව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහභාගී වෙයි.

තොරතුරු ප්‍රචාරණය කිරීම
මානව හිමිකම් ක්ෂේත්‍ර‍යේ විවිධ විමර්ශන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අදාළ පාර්ශ්වකරුවන් වෙත පාරදෘශ්‍ය ආකාරයට සහ ඉක්මණින් ලබාගැනීම සඳහා වෙබ් අඩවියක් අමාත්‍යාංශය විසින් ස්ථාපනය කර ඇත.

වතු කම්කරු ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කිරීම
වතු කම්කරු ජනතාව සතුව තිබිය යුතු නීතිමය ලේඛන අතුරින් ජාතික හැඳුනුම්පත්, විවාහ සහතික සහ උප්පැන්න සහතික/අනුමාන වයස් සහතික ලබාගැනීම සම්බන්ධයෙන් පවත්නා ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර දිස්ත්‍රික් ලේකම්වරු/දිසාපතිවරු සමඟ එක්වී එම නීතිමය ලේඛන සකසා ගැනීම ජාතික මට්ටමේ මැදිහත්වීමක් අමාත්‍යාංශය මගින් සිදු කිරීමට නියමිතය.

සරණාගතයන් සඳහා සහන සේවා සම්බන්ධීකරණය
උතුරු ‍නැගෙනහිර ප්‍රදේශවල නොසන්සුන්තාවය පසුගිය අප්‍රේල් මාසයේ සිට ඇතිවීම හේතුකොට අභ්‍යන්තර අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ක්ෂණිකව ඉහළ මට්ටමකට 2006 ජූනි මාසය වන විට ළඟා විය. එම සරණාගතයන්ට ලැබෙන සහනයන් ක්‍රමවත් ආකාරයකට රාජ්‍ය යාන්ත්‍රණය යොදවා ගනිමින් එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් තුළින් කරගෙන යාමට අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම අමාත්‍යාංශය වෙත පවරා දී ඇත. 

--------------------------