home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ විෂය පථය
‍පෙර දී පැවති ආපදා කළමනාකරණ අමාත්‍යාංශ‍යේ 2006 පෙබරවාරි මස 20 දින නිකුත් කරන ලද අති වි‍ශේෂ ගැසට් නි‍වේදනය මගින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යාංශය වශයෙන් නැවත නම්කොට ස්ථාපිත කරනු ලැබීය. ‍මෙම නව අමාත්‍යාංශ‍යේ පළමු අමාත්‍යවරයා ‍ලෙස ගරු මහින්ද සමරසිංහ මැතිතුමා අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කරන ලද අතර,අමාත්‍යාංශය ‍වෙත පැවරුණු විෂයයන් පහත ප්‍රකාර වන්නේය.

  1. ව්‍යසන අවම කරලීම, වැළැක්වී‍මේ ප්‍රතිචාර සහ යථාතත්වීකරණය පිළිබඳ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම.
  2. ජාතික ප්‍රතිපත්තිය මත පදනම් වූ ජාතික ව්‍යසන කළමනාකරණ සැලසුම හා ජාතික හදිසි අවස්ථා මෙ‍හෙයුම් සැලැස්ම සැකසීම.
  3. 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත පරිපාලනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  4. ව්‍යසන ලිහිල් කරලීම, වැළැක්වී‍මේ ප්‍රතිචාර සහ යථාතත්වීකරණය සඳහා වි‍ශේෂ ආධාර සහිත ව්‍යාපෘතීන් ඇරඹීම සහ සම්බන්ධීකරණය කිරීම.
  5. එම වගකීම කාලීනව ක්‍රියා‍වේ ‍යෙදවීම සහතික කරගනු පිණිස අමාත්‍යාංශ, රජ‍යේ බලධාරීන් සහ නියෝජිතායතන, ‍පෞද්ගලික අංශයීය නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය ‍නොවන සංවිධාන සහ අදාළ ‍සෙසු සියලුම නියෝජිතායතන සමග සබඳතා ඇතිකර ගැනීම.
  6. ස්වභාවික ව්‍යසන හා මිනිසා විසින් සිදු කරනු ලබන්නා වූ ව්‍යසනයන්ට අදාළව සහන සැලසී‍මේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ කළමනාකරණය කිරීම.
  7. ස්වභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදු කරනු ලබන්නා වූ ව්‍යසනයන් පිළිබඳව දැනුවත් කිරී‍මේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
  8. පෙර අනතුරු හැගවුම් පද්ධතීන්.
  9. ව්‍යසන කළමනාකරණය, සහන සැලසීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළව රාජ්‍ය ‍නොවන සංවිධාන සහ සමාජ සුභසාධක ස්වේච්ඡා නියෝජිතායතනයන්හි කටයුතු අධීක්ෂණය කිරීම.
  10. ව්‍යසන කළමනාකරණ හා මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි ලා රාජ්‍ය ‍නොවන සංවිධාන සහ සමාජ සුභසාධක ස්වේච්ඡා නියෝජිතායතනයන්හි කටයුතු පහසු කරලීම හා ඒවාට ආධාර සැලසීම.
  11. මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම.
  12. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන‍්ගේ මහ ‍කොමසාරිස්වරයා සහ ‍ෙසසු ජාත්‍යන්තර හා කලාපීය මානව හිමිකම් ආයතන සමග කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  13. කාලගුණ විද්‍යා සමීක්ෂණ හා පර්යේෂණ

‍මෙම විෂයන්ට අමතරව 2006 ජූනි මාස‍යේ සිට අභ්‍යන්තර අවතැන්වූවන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු අතිගරු ජනාධිපතිතුමන් විසින් ‍මෙම අමාත්‍යාංශයට පවරනු ලැබූ අතර,සරණාගතයන්ට සහන සපයන රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය ‍නොවන සංවිධාන සමඟ මනා සම්බන්ධීකරණයක්, වි‍ශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවයන් ‍ගොඩනඟා ගැනී‍මේ රජ‍යේ අවශ්‍යතාවයට උපරිම දායකත්වයක් සැප‍යේ.

 

--------------------------