![]() |
![]() |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|
|
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආපදා
කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රකාශය අප රටේ ජාතික ප්‍රශ්නයට සාධනීය සහ ක්‍රියාවට නැංවිය හැකි විසඳුමක් සොයා කෙරුණු අසීරු හා දිගු ගමනේ තීරණාත්මක මංසන්ධියක් ඉදිරි දින කිහිපයේදී සනිටුහන් වනු ඇත. වැඩි විස්තරඅභ්යන්තර අවතැන් වූ පුද්ගලයින්‍ගේ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්‍ගේ මහ ලේකම්වරයාගේ නියෝජිත වෝල්ටර් කලින් මහතා පස්දින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි අතර ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. වෝල්ටර් කලින් මහතා පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන ප්‍රදේශවල අවතැන්වූවන්ගේ කරුණු සොයා බැලීමටද නියමිතයි. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි ආධාර සැපයීම නිසි ආකාරයෙන් සිදුකිරීමට ක්‍රියා දාමයක් සකසා තිෙබන බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පවසයි නොවැම්බර් 12වන දින The Island පුවත්පතේ "Probe INGOs"ලෙස පල වූ ලිපියේ සඳහන් වූ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්වෙත කිසිදු මුදල් ප්‍රතිපාදනයක් සලසා නොමැත. එවැනි තත්ත්වයකදී රජයේ ස්ථාවරය නැවත ප්‍රකාශ කරමින් ආපදා හා මානව හිමිකම් අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ, කොටස්කරුවන් සමඟ සාකච්ඡා පවත්වා අපක්ෂපාතී සහ සාධාරණ විමර්ශනයක් පැවැත්වීම සිදුකරන බවයි. වැඩි විස්තරපසුගියදා බ්‍රසල්ස්හි සංචාරයක නිරත වූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා යුරෝපා සංගමයේ මහ කොමසාරිස් බෙනීටා ෆෙරෝරේ වොල්ඩනර් මහත්මිය හමු වු අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
දෙපාර්ශ්වීය සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් නියෝජිත පිරිසේ නායකත්වය දරනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බෙටී විලියම්ස් මහත්මියයි. සෙසු අය අතර ලෝඩ් ඩොලාකියා, සයිමන් බර්න්ස්, ග්‍රෙග් හැන්ඩ්ස් යන පිරිසද ඡායාරූපයේ වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිතයෙක් ලෙස ක්‍රියාකරන මැන්‍ෆ්‍රඩ් නොවැක් මහතා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
නැගෙනනහිර සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගීත්වය ලබාගැනීමේ අරමුණින් පසුගියදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්න්ත්‍රණ ශාලාවේදී " නැගෙනහිර උදානය" නමින් විශේෂ සමුළුවක් කැඳවා තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම සමුළුවට ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ, සුසන්ත පුංචිනිලමේ, අබ්දුල් මජීඩ්, පී. දයාරත්න යන අමාත්‍යවරුන් සමඟ උතුරු නැගෙනහිර ආණ්ඩුකාර වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා හා සමුළුවට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන්ගෙන් කොටසක් ඡායාරූපයේ සිටිති.
පැහැරගැනීම් හා ළමා සොල්දාදුවන් බඳවා ගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වූ විමර්ශන
කමිටුවේ සමාරම්භක සමුළුව පැවැත්වෙයි මේ වසරේ මුල් භාගයේදී ළමා සහ යුද ගැටුම් පිළිබඳ වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත වූ පොරොන්දුව අනුව යමින්, මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අන්තර් අමාත්‍යාංශ කමිටුව සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ ගරු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් යුද කටයුතු වෙනුවෙන් ළමුන් යොදවා ගැනීම සහ පැහැරගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා ඉහළ පෙළේ විමර්ශන කමිටුවක් 2007 අගෝස්තු මාසයේදී පත් කරන ලදී. වැඩි විස්තර
2007.09. 27 ශ්‍රී ලංකාව පිළිබඳ පළවූ ඇතැම් ප්‍රවෘත්ති වාර්තා හා ඉදිරිපත් වූ විවිධ ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු කරමින් දැන් පැවැත්වෙන එත්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හය වැනි සැසිවාරයේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැත. මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධ යෝජනා කෙටුම්පත් අදාළ කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාල සීමාව සැප්තැම්බර් මස 24 වන සඳුදා මධ්‍යහන දොළහෙන් අවසන් විය. වැඩි විස්තරජිනීවාහි පැවැත්වෙන ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට සමගාමීය පසුගිය දින කිහිපය තුළ පැවති එහි ඉහළ පෙළේ නියෝජිත රැස්වීම් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගි විය. ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ, නීතිපති සී. ආර්. ද සිල්වා හා ජිනීවා ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක යන මහත්වරුන්
එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාල ප්‍රධානි ආචාර්ය වෝල්ටර් කේලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්
මැන්ෆිරෙඩ් නොවාක් යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් හමු වූ අවස්ථාවයි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හා යාපනයේ අත්‍යවශ්‍ය සේවා ජනරාල් එස්. බී. දිවාරත්න මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරය පිළිබඳ තොරතුරු තානාපති අංශ හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයන්ට පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. ඡායාරූපයේ දැක්වෙන්නේ යාපනයේ දිසාපති කේ. ගනේෂ් මහතා විසින් තමා වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවයි.
ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් පීටර් ඩයස් අමරසිංහ, එස්. බී. දිවාරත්න හා අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී විය.
23 වන හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නිවැසියන් ලියාපදිංචි කිරීම පිළිබඳව වූ විවිධ ක්‍රියාමාර්ගයන් සම්බන්ධව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය වෙත සිවිල් සමාජයේ නියෝජිතයන්ගෙන් කරුණු දැක්වීම ඉදිරිපත් විය. ඒ අනුව දිවයින පුරා එකම ක්‍රමයකට ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම පිණිස අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම සඳහා අමාත්‍යාංශය, නීතිපතිතුමාගේ හා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය සේවා පිළිබඳ සංගමයේ සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් විසින් ගරු මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා වෙත එවන ලද ලිපිය වැඩි විස්තර පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හා විශ්ව සාම පදනම ඒකාබද්ධව සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වන 'යහපාලනය' පිළිබඳ ජාත්‍යන්තර නායකත්ව සම්මේලනය පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විය. ![]() ඡායාරෑපයේ දැක්වෙන්නේ එහි එක් සැසිවාරයක සභාපතීත්වය ඉසිලූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා රැස්ව සිටි මන්ත්‍රීවරුන්ඇමතූ අවස්ථාවයි. මෙම අවස්ථාවට විශ්ව සාම පදනමේ ආසියානු කලාපීය මහ ලේකම් අර්සුලා මැක්ලැක්ලෑන්ඩ් මහත්මිය ඉන්දියානු අධ්‍යක්ෂ ආචාර්ය රොබට් කීටෙල් හා ශ්‍රී ලංකාවේ සාම ලේකම් කාර්යාලය ප්‍රධානි මහාචාර්ය රජීව් විජේසිංහ යන මහත්වරුද සහභාගී වූහ. ජිනීවාහී මානව හිමිකම් කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ 2007 මධ්‍ය වාර්ෂික සමුලුවේදී, ජූලි 17 වන දින ගරු මහින්ද සමරසිංහ මැතිතුමා මානව හිමිකම් පිළිබඳව අභිආයාචනය ඉදිරිපත් කරමින් කරන ලද ප්‍රකාශය. එම අවස්ථාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සහ හදිසි ආපදා සම්බන්ධීකරණ ලේකම් ජෝන් හොල්ම්ස් මහතා සහභාගී විය. වැඩි විස්තර
- බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීමට ඩොලර් 3,211,294ක් උතුරු නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත වී සිටින විදේශ නොවන සංවිධාන පහක් (5) සඳහා ඩොලර් 3,211,294 (රුපියල් මිලියන 359.6) ප්‍රදානය කිරීමේ උත්සවයක් ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන්, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ හා ශ්‍රී ලංකා ජපන් තානාපති කියෝෂි අරාකි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විය. ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ හා ජපන් කියෝෂි අරාකි යන මහත්වරුන් සමඟ ඊට සහභාගී වූ දෙරට නියෝජිතයන් පිරිසෙන් කොටසකි. 2007 ජූලි 19
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂිය සේවා පිළිබඳ වසර මැද (2007) විශේෂ සමුළුවක් පසුගියදා ජිනීවාහිදී පැවැත්වූ අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානුෂික සේවා පිළිබඳ මහ ලේකම් හා හදිසි ආපදා සහන සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් මහතා හා එක්සත් ජාතීන්ගේ මානුෂිය සේවා පිළිබඳ සහකාර ලේකම් හා හදිසි ආපදා සහන නියෝජ්‍ය සම්බන්ධීකාරිණි මාග්‍රට් වොෂ්ටොර්මා මහත්මිය හමු වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. මානව හිමිකම් විෂය පොලිස් නිලධාරින් අතර ප්‍රචලිත කරවීමට කටයුතු කරයි
මානව හිමිකම් විෂය පොලිස් නිලධාරින් අතර ප්‍රචලිත කරවීමේ පුහුණු වැඩමුළුවක් පසුගියදා කොළඹදී ආරම්භ කෙරිණි. පැෆරල් සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹ දිසාවේ පොලිස් නිලධාරින් සඳහා වූ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණ සිටියේ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාය. ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවට සහභාගි වූ පැෆරල් සංවිධානයේ සභාපති නිතීඥ කිංස්ලි රොඩ්රිගෝ, අමාත්‍ය මහින්ද සමරසිංහ, පොලිස්පති වික්ටර් පෙරේරා, කිංස්ලි රොඩ්රිගෝ, අමාත්‍ය මහින්ද සමරසිංහ, පොලිස්පති වික්ටර් පෙරේරා, නියෝජ්‍ය පොලිස්පති (අපරාධ විමර්ශන අංශය) අශෝක විජේතිලක, නියෝජ්‍ය සොලිස්ටර් පාලිත ප්‍රනාන්දු හා නියෝජ්‍ය පොලිස්පති ආනන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් සමඟ වැඩමුළුවට සහභාගී වූ පොලිස් නිලධාරින් පිරිසකගෙන් කොටසකි. - UNHCR 07 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු රැස්වීමක් එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලයේ (UNHCR) 07 වන සංවත්සරය සැමරුම සඳහා පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ සමරු රැස්වීමක් පැවැත්වීය. ඡායාරූපයේ දැක්වෙන්නේ දෙස් විදෙස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති සමරු උත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සභාව අමතන අවස්ථාව හා ඊට සහභාගි වූ පිරිසෙන් කොටසකි මුත්තූර් ප්‍රදේශයේදී ඝාතනයවූවන්ගේ මරණ පරීක්ෂණවල පරීක්ෂණ වාර්තා පිළිබඳව මාධ්‍ය දැනුවත් කෙරේ රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන අතරතුර මුත්තූර් ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ 17දෙනා සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණවලදී ජාත්‍යන්තර හා ජාතික වශයෙන් කළ පරීක්ෂණ වාර්තාවල පවතින පරස්පරතාවයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ශ්‍රී ලංකා සාම ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි වැඩි විස්තරඅමාත්ය මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ජාත්‍යන්තර සරණාගතයන්ගේ දිනය වෙනුවෙන් ජූනි 28 වන දින 2007 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වන ලද දේශනය වැඩි විස්තරපසුගිය පුවත්
|