home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------


අමාත්‍යතුමන් පුමුඛ දූත පිරිසක් යාප‍නේ සංචාරයක

යාප‍නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ‍බෙදා හැරීම හා පවතනා තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් ගරු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිසක් පසුගිය ‍පෙබරවාරි 14 වන දින යාප‍නේ සංචාරයක නිරත විය.

දූත පිරිස කන්කසන්තුරේ වරාය, ‍පේදුරුතුඩුව හා මයිල්ඩි වරාය ‍වෙතද සංචාරයක නිරත විය. තාවකාලික වශ‍යෙන් භාණ්ඩ මෙ‍හෙයුම් කටයුතු සඳහා ‍පේදුරු තුඩුව ජැටිය ‍යොදා ගැ‍නේ. අ‍නෙකුත් ජැටිවලට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ‍මෙහි ගබඩා කළ හැකිය. උතුරු ප්‍ර‍දේශ‍යේ නාවික ‍කොමදෝරු විසින් කන්කසන්තුරේ වරා‍යේදී දූත පිරිස පිළිගනිමින් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධ‍යෙන් කරුණු පැහැදිලි කරන ලදී. ‍මෙහිදී ක‍රෙයිනගර්හි භාණ්ඩ ‍ගොඩ බෑ‍මේ හා ‍බෙදා හැරී‍මේ හැකියාව හා නව මයිලිඩි වරාය සම්බන්ධ‍යෙන් අදහස් දැක්විය.මයිලිඩි වරා‍යේදී භාණ්ඩ ‍ගොඩබෑ‍මේ කටයුතු සියැසින් දැක ගැනීමට දූත පිරිසට අවස්ථාව උදාවිය.

     
 
     
‍වැඩි විස්තර

______________________________________________________________________________________________________

මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව වූ චෝදනා විභාග කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරයි

‍ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව වූ චෝදනා විභාග කිරීමමේ ජනාධිපති කොමිෂන් සභාව 2006 නොවැම්බර් මාසයේදී ස්ථාපිත කෙරිණ.

සිද්ධීන් 15ක් ඇතුළු මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වූ සිද්ධීන් පිළිබඳව විමර්ෂණය සඳහා මෙම ‍කොමිසම අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරන ලදී. එසේම TNA පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්කරුණු සොයා බැලීම සඳහා ජනාධිපතිතුමන් විසින් 2001 ජනවාරි 31 දින කොමිසමේ සාමාජිකයන් වෙත වි‍ශේෂ සාකච්ඡාවක් සඳහා ආරාධනා කරන ලදී.

අදාළ විමර්ශන කටයුතු 2007 මැයි 14 වන දින කොමිසම විසින් ආරම්භ කරන ලදී. ජාත්‍යන්තර ස්වාධින කණ්ඩායම්වල සාමාජිකයන් සහ ඔවුන්ගේ සහකරුවන් මෙන්ම සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවති සමාරම්භක හමුවකින් පසු මෙම කටයුතු දියත් කෙරිණි.


වැඩි විස්තර

___________________________________________________________________________________________________


නැ‍ගෙනහිර ප්‍ර‍දේශ‍යේ සංචාරයක නිරත වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා‍ ප්‍රමුඛ වි‍දේශ දූත පිරිසට එල්. ටී. ටී. ඊයෙන් ප්‍රහාරයක්

නැගෙනහිර ප්‍ර‍දේශ‍යේ පවතින ගැටුම්කාරී තත්වයන් මත මඩකලපුව ප්‍ර‍දේශ‍යේ රැදී සිටින අවතැන්වූවන් සම්බන්ධ‍යෙන් කරුණු ‍සොයා බැලීම සඳහා පසුගිය ‍පෙබරවාරි 27 වන දින ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා‍ගේ ප්‍රධානත්ව‍යෙන් වි‍දේශ දූත පිරිසක් නැ‍ගෙනහිර ප්‍ර‍දේශ‍යේ සංචාරයක නිරත විය.


 
දුත පිරිස රැගත් ‍හෙලිකොප්ටරය ‍වේබර් පිටියට ‍ගොඩබැස්ස වූ අවස්ථාව.   මානව හිමිකම් හා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු දුත පිරිස ‍වේබර් පිටියට ‍ගොඩබට අවස්ථාව
‍වැඩි විස්තර



මෙරට මානව හිමිකම් සුරැකීමට කැපවෙයි

2006 දෙසැම්බර් 10වනදාට යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම වෙනුවෙන් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර  ඇත. මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් රැකගැනීමේ වැදගත්කම යන කරුණු මෙහිදී අවධානයට යොමු කෙරේ.

මෙදිනදී  මානව හිමිකම් ප්‍රචලිත කිරීමට සහ එ‍් සම්බන්ධයෙන් අව‍ෙබා‍්ධයක් ලබාගැනීමට ප්‍රධාන තේමා පහක් යොදා ගනු ලැබේ. එනම් සාධාරණව සැලකීම, සමානාත්මතාවය, ගරු කිරීම, අභිමානය සහ බහු සංස්කෘතිකත්වය යන කරුණුය. මෙම වැඩසටහනේදී මානව හිමිකම්හි ප්‍රතිලාභ, සංස්කෘතිය විවිධත්වය, ආගමික සමානාත්මතාවය සහ වෙනස්කම් පිටුදැකීම යන කරුණු කෙරේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙයි.

ප්‍රධාන වැඩසටහන කොළඹදී සිදු කෙරෙන අතර ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශන කුටි, ඡ‍ායාරූප ප්‍රදර්ශන, දරුවන්ගේ සහභාගිත්වය දිරිමත් කිරීමේ ලා සංවිධානය කළ චිත‍‍්‍ර සහ රචනා තරග, සිංහල සහ ද්‍රවිඩ වීථි නාට්‍ය සංදර්ශන, මානව හිමිකම් සම්බන්ධයෙන්නිර්මාණය කළ චිත්‍රපට දැක්මක් සහ මානව හිමිකම් සම්බන්ධ නීති උපදේශන සේවාවක් පැවැත්වීමට අ‍‍‍ෙප‍්ක්ෂිතය.

තවද 2006 දෙ‍සැම්බර් 11දා සිට 15දා දක්වා ප්‍රජාව දැනුවත් කරනු වස්, තෝරාගත් දිස්ති‍්‍රක්කයන් කිහිපයකදී වීථි නාට්‍ය කණ්ඩායම් තුනක් විසින් මෙරට මානව හිමිකම්හි පවත්නා තත්වය සම්බන්ධයෙන් වීථි නාට්‍ය සංදර්ශන පවත්වනු ඇත.

‍දිස්ත්‍රික් වැඩසටහන් තුළින් ලාංකේය සමාජය සහ ජීවත් වන ප්‍රජාව මානව හිමිකම් සහ එහි වගකීම් සහ එහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත් කිරීම අපේක්ෂා කෙරේ.

‍ඡායාරූප එකතුව

 

--------------------------