home|information|documents|news|programs|resources|contacts

Disaster Management
Sri Lanka Flag
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

------------
news
------------


මාධ්‍ය ප්‍රකාශන


2007 අගෝස්තු 13

ගරු මහින්ද සමරසිංහ මැතිතුමා
මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය
කොළඹ

ගරු අමාත්‍යතුමනි,

පසුගිය සතියේ මා ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වූ අවස්ථාවේ ඔබතුමන් සහ
ඔබගේ රජයේ සාමාජිකයන් විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් මා වෙත
දැරූ පරිශ්‍රමයට නැවත වරක් ස්තූතිවන්ත වෙමි. ඔබතුමන් සහ ඔබගේ රජයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයන් මුණ ගැසීමට මෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් පවත්නා තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන්ද මා සතුටට පත්වෙමි. ආරක්ෂකමය වශයෙන් මේ සඳහා කොපමණ පරිශ්‍රමයක් දරන්නට ඇත්දැයි මම දනිමි.එසේම පැවති සාකච්ඡාවලදී විසඳුමක් කරා එළඹීමට දැක්වූ පරිශ්‍රමය සඳහාද මාගේ විශේෂ ස්තූතිය පුද කිරීමට කැමැත්තෙමි. එසේම ඉදිරියේදී පැනනගින විවිධ වූ තත්ත්වයන් සඳහා දැනටමත් ක්‍රියාත්මක< කරන හෝ ඉදිරියේදී ක්‍රියාත්මක වන යාන්ත්‍රණය සම්බන්ධයෙන් පැමිණි එකඟත්වයන් පිළිබඳව සතුටට පත්වෙමි. එසේම අතිගරු මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති ධනාත්මක සාකච්ඡා සම්බන්ධයෙන්ද ප්‍රීතියට පත්වෙමි.

වඩාත් ශෝචනීය තත්ත්වය වන්නේ මා විසින් රොයිටර් පුවත් සේවය සමඟින් පැවති සාකච්ඡාවකදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මා ඉදිරිපත් කළ කරුණුවල ඇතැම් කොටස් මාධ්‍ය විසින් අයුතු ලෙස භාවිතා කරමින් මා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාර සහ පැවති ‍සාකච්ඡා ආදියේ ප්‍රතිඵල විකෘති කිරීමට කටයුතු කර ඇත. එසේම මා විසින් හිතාමතාම පවතින තත්ත්වය සෘණාත්මක ලෙස ප්‍රකාශ කර ඇති බව හොවා දැක්වීමට මාධ්‍ය විසින් කටයුතුකර ඇත. ඇත්තෙන්ම සංචාරයෙන් මා බලාපොරොත්තු වුයේ අවංකවම රජයත් සමඟ අත්වැල් බැඳගනිමින් පවතින ගැටලු සඳහා විසඳුමි සෙවීමටයි. තවද රජය සමඟ සාකච්ඡා කළ සියලු දේ ප්‍රසිද්ධියේ පැවසීමටයි මා හට අවශ්‍ය විය. එමෙන්ම මානවීය කටයුතු කරන්නන්ගේ ආරක්ෂාව පිළීබඳවත් දැඩි අවධානය යොමු කළ යුතුව පවතින බව ප්‍රසිද්ධියේ කියා සිටියා මෙන්ම ඔබ සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීත් මම ඒ බව පැවසූවෙමි.

එසේම රජය විසින් පවත්නා තත්ත්වයන් පිළිබඳව අව‍ධානය යොමු කර නැතැයි මා කිසි විටක රොයිටර් පුවත් සේවයට හෝ ඔබ සමඟින් පැවති සාකච්ඡාවලදී හෝ සඳහන් නොකෙළෙමි. තවද මාගේ පණිවුඩයෙන් පවතින්නාවූ සාධක ඉදිරිපත් කිරීම සහ මෙවන් වූ සිද්ධීන් ඉදිරියේදී සිදු නොවීමට වග බලා ගතයුතු බව අවධාරිත කරුණක් ලෙස දැක්වීමි. ACF ඝාතන පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව පිළිබඳව පවතින පරීක්ෂණ කටයුතු සාර්ථක ප්‍රතිඵල නෙළා ගනු ඇතැයි විශ්වාස කරමි. සමස්තයක් වශයෙන් උද්ගතවී ඇති වාතාවරණයන් යටතේ නැගෙනහිර වැනි ප්‍රදේශයන්හි මානව කටයුතුවල වර්ධනාත්මක තත්ත්වයක් දැකිය හැකිවන බව මාගේ විශ්වාසයි.
මාධ්‍ය විසින් මාගේ ප්‍රතිරූපය විකෘතිකර දැක්විමට කටයුතු කරමින් සිටින නමුත් ඔවුන්ගේ අසත්‍ය ප්‍රකාශ සඳහා ප්‍රසිද්ධියේ කිසිම විටක පිළිතුරු සැපයීමට අකමැත්තක් දක්වන්නේ මින් ඉදිරියටත් අප එක්ව කටයුතු කළ යුතු නිසාවෙන් බව මම මෙහිදී අවධාරණය කිරීමට කැමැත්තෙමි. එමෙන්ම මෙම කටයුතු ඉදිරියට සාර්ථක ලෙස පවත්වාගෙන යාමට නම් අප අතර පවතින සම්බන්ධතාවයට හානි සිදු නොවිය යුතු බවත් දැන් මෙම නිශ්ඵල කතාවන්ගෙන් ඔබ්බට ගොස් ඉදිරි කටයුතු සඳහා සූදානම් වියයුතු බවත් මතක් කර සිටිමි.
ශ්‍රී ලංකාවේ සංචාරය නිරතවූ අතරවාරයේ ඔබේ රජය විසින් දක්වන ලද විශිෂ්ට සහයෝගය වෙනුවෙන් නැවත වරක් ස්තූති ප්‍රකාශ කරමින් මේ ලිපිය අවසාන කිරීමට කැමැත්තෙමි. එසේම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් දක්වන ලද කරුණු ලබන මාසයේ නිව්යෝර්ක්හිදී පැවැත්වෙන නියෝජිත හමුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එමගින් නැවත වරක් මට ඔබ හමුවීමටත් පසුගිය සතිය තුළ අප විසින් අවධානයට යොමු කළ කරුණු හා ඉලක්කයන් මුදුන් පමුණුවා ගැනීමට ධනාත්මකව දායකත්වය දැක්වීමටත් හැකිවනු ඇත.


ජෝන් හෝම්ස්,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය සේවා පිළිබඳ සංගමයේ සම්බන්ධීකාරක

--------------------------