![]() |
![]() |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|
|
අනපේක්ෂිත ලෙස සුනාමි විපතට මුහුණ දුන් ශ්‍රීලංකාවට උපකාර සැපයූ සියලුම ජාත්‍යන්තර සංවිධාන වලට ස්තුතිය පුද කර සිටිනවා.මම පෞද්ගලිකවම මෙම සාකච්ඡාව සඳහා කැපවී කටයුතු කරනවා මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ ඊට පක්ෂපාතිත්වය සහ එය ඇගයිමට ලක් කරමින් නිරන්තරයෙන්ම අප ඔවුන් සමඟ සිටිනවා. ශ්‍රීලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර තිබිය යුතු පැහැදිලි සම්බන්ධීකරණය පිළිබඳව එය මැනවින් කියාපානවා. CHAP සංවිධානය සිදුවෙන සහ සිදු වීමට නියමිතව තිබෙන මානව කටයුතු පිළිබඳ ගැටලු සඳහා පිළිතුරු සෙවීමට බැඳී සිටිනනවා පමණක්ද නොව CHAP සංවිධානය හරහා අන්තර්ජාතික සංවිධාන සහ රජය අතර පාරදෘෂ්‍ය සම්භන්ධීකරණයක් හා උපදේශන සේවාවක් සැලැස්වීමටද බැඳී සිටිනවා. දශක තුනක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදි ගැටුම් පවතිනවා. EU,ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව සහ කැනඩාව වැනි රටවල් LTTE ත්‍රස්තවාදී කණ්ඩායම,එහි ක්‍රියාකාරීත්වයෙන් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එම ත්‍රස්තවාදී කණ්ඩායම තහනම් කර තිබෙනවා. ළමා සොල්දාදුවන් බඳවා ගැනීම උදාහරණයක් ලෙස දක්වන්නට පුලුවන්. ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය පවතින මෙවන් කාල වකවානුවක් තුළදීත් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා උපරිම උත්සහයකින් කයුතු කරනවා. CHAP සංවිධානය නැගී එන මානව ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්නට සූදානම්ව සිටිනවා. 2002 වර්ශයේ නෝර්වේ සාකච්චා වලදි ශ්‍රී ලංකා රජය සටන් විරාම ගිවිසුමකට එළැඹුණු අතර එයින් මෙම යුධ වාතාවරණය නිමා වේයැයි දැඩි බලාපොරොත්තුවක් තිබුණත් අවාසනාවන්ත ලෙස LTTE ත්‍රස්තවාදින් එය ඉතා හොඳ අවියක් කරගත්තා, ඔවුන්ගේ විනාශ වු හමුදා බලය යථාතත්ත්වයට පත්කර ගන්නට. එහෙයින් දැන් ඔවුන් ආරක්ෂක හමුදා සමඟ විවෘතව සටන් කරනවා. ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙනුත් ඉහළ පිළිගැනීමකට ලක්ව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය ඇතුලු තවත් සාහසික ඝාතන රැසක් සිදු කරමින් LTTE සංවිධානය නැවතත් අප සමඟ යුද්ධයට අවතීර්ණ වී සිටිනවා. මෙම අර්බුධයත් සමඟම අපි තවත් ඉතා විශාල ආපදාවකට ගොදුරු වුණා. එය අපි මුහුණ දුන් විශාලතම ස්වාභාවික විපත. සුනාමියෙන් ඉතා විශාල ලෙස ලංකාව විනාශ වුණා. කවුරුත් දන්න පරිදි අප තවමත් ගොඩ නැගෙමින් සිටිනවා. ඇත්තෙන්ම විදේශ රටවල සහය නැතිව මෙම කාර්ය කර ගැනීමට අපට පුලුවන් කමක් නැහැ. පවතින වාතාවරණයත් සමඟ අපගේ යළි ගොඩ නැගීමේ කටයුතු සමහරක් අඩපණව පවතිනවා. සුනාමිය සිදු වූ අවස්ථාවේදී අප අතර පැවති මානව හිතවාදී හැඟීම මෙම ත්‍රස්ථවාදය හමුවේ උතුරේ සහ නැගෙනහිර ජීවිත් වන අසරණ ජනතාව වෙනුවෙනුත් පැවතීම වැදගත් වෙනවා. මානව හිමිකම් සහ ආපදා කළමණාකරණය යන කොටස් දෙකම මගේ ක්ෂෙත්‍රයට ඇතුළත් වීම නිසා මම හොඳින්ම දන්නවා ශ්‍රී ලංකා රජයට ඒ පිළිබඳව මුහුණ පාන්නට සිදුවී ඇති තත්ත්වය පිළිබඳව. ස්වාභාවිකව හෝ මිනිසා විසින් සිදුකරන විපත්වලදී මානව හිමිකම්වල ආරක්ෂාව තහවුරු කිරීම හා වර්ධනය කිරිම අපගේ වගකීමයි. එමෙන්ම මානව හිමිකම් සෑම අතින්ම ආක්රෂා කිරීමට අප වගබලාගත යුතුයි. තවද ආපදා කළමනාකරණ මානව හිමිකම් ප්‍රවේශය පිළිබඳව කටයුතු කිරිමටත් අපට සිදුවෙනවා. සාමය සහ ආරක්ෂාවත්, මානවීය කටයුතු සහ මානව හිමිකම් අතර සම්බන්ධතාවයත් පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව කටයුතු භාරව තිබෙන්නේ මට. ඇත්තෙන්ම ශ්‍රී ලංකා රජය මෙම ත්‍රස්ත අරගලය සඳහා දේශපාලනමය විසඳුමක් ලබා දීමට විශාල පරිශ්‍රමයක් දරමින් සිටිනවා. මෑතකදී ජිනීවා හී පැවති ජාත්‍යන්තර කම්කරු සාකච්ඡාවේදී අතිගරු ජනාධිපතිතුමා තරයේ කියා සිටියේ මෙම අරගලය සඳහා කිසිසේත්ම යුධමය විසඳුමක් බලාපොරොත්තු නොවන බවයි. සියලුම දේශපාලන පක්ෂ සහ නායකයින් එකතු වී මේ සඳහා සාකච්ඡා කිරීම තුළින් මෙම අර්බුධයට සාර්ථක විසඳුමක් කරා ළඟා විය හැකි බව ජනාධිපතිතුමාගේ අදහසයි. අපි ජීවත් වෙන්නේ ඉතා දුෂ්කර අවධියක නමුත් රජයේ අදහස මෙවැනි තත්ත්වයකදී වෙනදාටත් වඩා මානව හිමිකම්වල ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි. එසේ කිරීම ට අසමත් වන්නේ නම්,එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදු කරන බවයි. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙන රටක්. මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවක් තුළින් සෑම පුරවැසියෙකුටම ලැබිය යුතුයි. මෙම අයිතිවාසිකම් වලට ගරු කිරීමටත් ඒවා ලබා ගැනීමටත් උසස් කිරීමටත් සෑම රජයේ සංවිධානයකටම පවරා ඇත. අන්තර්ජාතික වශයෙන් බැලුවහොත් සුහදශීලීත්වය සහ සහයෝගීත්වය මත ලෝකයේ තිබෙන සියලු මානව හිමිකම් සංවිධාන සමඟ සම්බන්ධතා තිබෙන, මානව හිමිකම් treaties conventions හතකට අපි බැඳී සිටින අතර පසුගිය මාසයේ ජිනීවා නුවරදී මම සහ ගරු ජනාධිපතිතුමා, Louise Arbour මැතිණිය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් යන මහත්ම මහත්මීන් මුණගැසුනා.2007 ඔක්තෝම්බර් මාසයේ අපි ඇයට රට බලන්නට පැමිණෙන්නට ආරාධනා කළා.තවද බල කිරීම් සහ හිංසනය පිළිබඳ සොයා බැලීමට rapporteur වරයෙක් සහ මානව කටයුතු පිළිබඳ සොයා බැලීමට එක්සත්ජාතීන්ගේ මහ ලේකම්තුමාගේ නියෝජිතයෙක්ද මෙම වසරේදී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටී. අප රටේ මානව හිමිකම් කටයුතු නිසි ලෙස ඉදිරියට පවත්වා ගෙන යාමේ අරමුණෙන් මානව හිමිකම් අන්තර් අමාත්‍යංශ කමිටුව ස්ථාපනය කර ඇත. මෙහි සභාපති ධූරයට මම පත්වී ඇති අතර මෙම කමිටුවේ මූලික අරමුණ වන්නේ මානව හිමිකම් කටයුතු පිළිබඳව විමර්ශන වලදී නිසිලෙස, අමාත්‍යංශ අතර සහ අනෙකුත් කොටස්කරුවන් අතර කාර්යක්ෂමබව සහ සහයෝගය ඇති කිරීමයි. මෙම කමිටුවේ කාර්යය වන්නේ ජනාධිපතිතුමා විසින් අනුමත කරන ලද, අමානුෂික ලෙස මානව හිමිකම් කඩවූ සිද්ධින්16 පිළිබඳව විමර්ශණ කටයුතු සිදු කර ඒවාහී වාර්තා ජනාධිපතිතුමා වෙත ලබා දීමයි. මෙවැනි කොමිසමක් පිහිට වීමෙන් බලාපොරොත්තුවන්නේ සාහසික ලෙස මානව හිමිකම් කඩවෙමින් සිදුවෙන අපරාධ ක්‍රියා මතුවට සිදුවීම අවම කිරීමයි. මෙම කමිටුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ International IndipendentGroup of Eminent (IIGEP) විසින් අධීක්ෂණය කරනු ලබනවා. IIGEP විසින් අවසාණ තිරණ ගනු ලබන්නේ මානව හිමිකම් සංවිධාන , සිවිලි සමාජ නායකයින්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කාර්යාලය සහ නම් කරන ලද රටවල්වල විශේෂඥයින් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුවය. මෙම කොමිසම පත් කරතිබෙන්නේ අපක්ෂපාතී, විනිවිද දැකිය හැකි, විශ්වාසවන්ත ලෙස විමර්ශන කටයුතු සිදු කිරීම සඳහායි. තවද අපරාධ විර්ශන කොමිසම විසින් සාක්ෂිකරුවන් සුරැකීමේ ඒකකයක්ද ස්ථාපිත කර ඇත්තේ සාක්ෂිකරුවන්ගේ සහ ගොදුරු වූවන්ගේ කාලීන අවශ්‍යතාවයන් පිළිබඳ සලකමිනි. ACF හී ස්වේච්ඡා සේවකයින් 17 ඝාතනය කිරීමේ සාහසික ක්‍රියාව ශ්‍රී ලංකා රජය විසින් තරයේ හෙළා දකිනු ලබයි. ස්වේච්ඡා මානව කටයුතු සහයකයින්ගේ ජීවිත කළබලකරී අවස්ථාවලදී අනාරක්ෂිත තත්ත්වයට පත්නොකළ යුතුයි. ශ්‍රී ලංකා රතු කුරුස සාමාජිකයින් දෙදෙනෙකුත් පැහැරගෙන ගොස් සාහසික ලෙස ඝාතනය කර තිබුණා. මට සහතික වෙන්න පුලුවන් ශ්‍රි ලංකා රජය, මානව කටයුතු සහයකයින්ගේ ආරක්ෂාව නියමාකාරයෙන් සැලසීම සිදු කරන අතරම අපරාධ කළ පුද්ගලයින් නීතිය ඉදිරියට පමුණවලා සාධාරණයක් ඉටු කිරීමට කළ හැකි සියලුම දේ කරන බවට. ඔබ සැමදෙනාම හොඳින් දන්න පරිදි බොහෝ පිරිසක් වර්තමාන තත්ත්වය මත ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවල අවතැන් වී සිටිනවා. එවැනි පුද්ගලයින් ගේ මානව හිමිකම් ප්‍රශ්නය දැනට උග්‍ර තත්ත්වයක පවතිනවා. ශ්‍රීලංකා රජය අවතැන් වූවන්ව ඔවුන්ගේ ගම්ප්‍රදේශවල නැවත පදිංචි කරවීම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටිනවා.එමෙන්ම ශ්‍රී ලංකා රජය ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය මානව කටයුතු සහය ලබා දීමටත් කැපවීමෙන් කටයුතු කරනවා. අභ්‍යන්තර අවතැන්වූවන් පිළිබඳ සැලකීමේදී, ආරක්ෂක අංශ විසින් නැගෙනහිර ප්‍රදේශය මුලුමනින්ම මුදවාගෙන ඇති නිසා එම ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කරවීමට හැකියාව පවතිනවා.ජූනි අවසානය වන විට අවතැන්ව සිටි 95000ක් පමණ ජනතාව මඩකලපුව ප්‍රදේශයේ නැවත පදිංචි කරවිය හැකිවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සම්පූර්ණයෙන්ම මේ සඳහා මැදිහත්ව කටයුතු කරනවා. රට තුළ අවතැන් වූවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය විසින් මානව කටයුතු සහ සංවර්ධන සහයෝගීතා ක්‍රියාවලියක් හඳුන්වා දී ඇත. අවතැන් වූවන් පිළිබඳ කෙරෙන සාකච්ඡා වලට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආකාරයෙන් පහසුකම් සැලසීමට ජාතික වශයෙන් සහ දිස්ත්‍රික් මට්ටමෙන් කටයුතු කිරීම එවැනි ක්‍රියාදාමයකි. තවද, රජය ජාත්‍යන්තර සහය ඇතිව එක්සත් ජාතීන්ගේ සංවිධානICRC, EU හී සම සභාපතිත්වය ,මානවීය උපයෝගී උපදේශන කමිටුවද ඇතුලුව යුධමය වාතාවරණයක් පවතින ප්‍රදේශ සඳහා මානවීය පහසුකම් සැපයීමට හැකි සෑම උත්සහයක්ම ගනිමින් සිටිනවා. මම සභාපතිත්වය දරන CCHA සංවිධානය හැදුනේ සම සභාපතිවරයෙකු ඉහළ පෙළේ සම්භන්ධී- -කරණයක් තිබිම හොඳ යැයි කරන ලද යෝජනාවකට රජය දැක් වූ ප්‍රතිචාරයක් වශයෙනි. මෙම මණ්ඩලයේදී රාජ්‍ය කොටස්කරුවන් සහ ජාත්‍යන්තර ජනතා නියෝජිතයන්, මානවීය සහ සංවර්ධන සහයෝගීත්වය හා අදාල මානවීය සංවිධාන සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, ගැටුම්කාරී වාතාවරණ පවතින ප්‍රදේශ සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සහ එම ප්‍රදේශයේ ආරක්ෂාව වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා. අනාරක්ෂිත ප්‍රදේශවල මානවීය සංවිධාන වලට පහසුකම් ලබාදීම සඳහා එක්සත් ජාතීන් විසින් නම් කරන ලද රාජ්‍ය නොවන සංවිධාන 21 සඳහා උපරිම සහයෝගය CCHA සංවිධානය විසින් ලබා දී ඇත. CCHA සංවිධානය විසින් භාණ්ඩ සඳහා අනුමැතිය ලබා ගැනීමටත් ඒවා නිදහස් කර ගැනීමටත් ක්‍රමයක් සඳහාත් ක්‍රමයකට ගිවිසුම්ගත වී ඇති අතර භාන්ඩ ප්‍රවාහනයේදී සහය වන වෙනත් රාජ්‍ය නියෝජිතායතනවල කාර්යභාරයද මැනවින් පෙන්වා දී ඇත. මෙම CCHA සංවිධානයේකටයුතු සඳහා හපහසුකම් සැපයීමට අනුකමිටු පිහිටුවා ඇත. මෙම අනුකමිටුවල සම සභාපතිත්වය දරන්නේ රජයේ සහ එක්සත්ජාතින්ගේ නියේජිතායතන වන අතර ඔවුන්ට විශේෂඥ නියෝජිතායතන මගින්උපදේශන ලබාගැනීම සඳහා ඉඩ සලසා ඇත. භාන්ඩ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය සේවා , අවතැන් වූවන් නැවත පදිංචි කරවීමේ සහ සුභසාධන කටයුතු, ජීවනෝපාය ,සෞඛ්‍ය කටයුතු සහ අධ්‍යාපනය පිළිබඳව මෙම අනුකමිටු මගින් කටයුතු කරනු ඇත.මෙම අනුකමිටු CCHA සංවිධානය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අවධාරිත ප්‍රදේශයේ පවතින ගැටලු විසඳා ගැනීමට හා ප්‍රතිපත්ති සකස් කිරීම සිදුකරනු ලබයි. CCHA සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මානවීය කටයුතු සහ සංවර්ධන සහයෝගිතා කටයුතු සංවර්ධනය කිරීම සඳහා පියවර දියත් කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය, සියලු කොටස් කොටස්කරුවන් මේ සඳහා දායක කරගැනීමට කැපවීමෙන් කටයුතුකරනවා. ඒ සඳහා කොටස්කරුවන් සමඟ හොඳ පාලනයක්, පාරදෘෂ්‍ය සේවාවක්, වගකීමක් සහිත පැහැදිලි සම්බන්ධීකරණයක් මෙන්ම මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා ශ්‍රී ලංකා රජය පසුගියදා මානවීය කටයුතු සහ සංවර්ධන සහයෝගීතාවය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශයකට අත්සන් තැබීම පිළිබඳව. මෙම ප්‍රතිපත්ති දහයට අත්සන් තැබීම තුළින් ශ්‍රී ලංකාව තුළ මානවීය කටයුතු සහ සංවර්ධන සහයෝගීතාවය පිළිබඳව පවතිනා කැපවීම මැනවින් පැහැදිලි වෙනවා.මගේ අදහසට අනුව මෙම ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම තුළින් එය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමටත් හැකියාව තිබෙනවා. තවද උතුරු සහ නැගෙනහිර පලාත්වල අවතැන් වී සිටින පුද්ගලයින්ගේ ආත්මශක්තිය වර්ධනය කිරීම සඳහා වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරිමට රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. තවද, මෙම මිනුම් පිළිගත් තත්වයකට ගෙන ඒමටත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල කොටස්කරුවන් කැපවීමෙන් යුතුව කටයුතු කරනවා. මෙම යුධමය වාතාවරණය රටේ ආර්ථික තත්ත්වය පීඩාවට පත් කර ඇතුවා සේම 2007 වසරේදී විශාල මුදල් ප්‍රමානයක් අවතැන් වූවන් වෙනුවෙන් වෙන් කිරීමටත් රජයට සිදුවී තිබෙනවා. මෙම කාර්ය සඳහා CHAP සංවිධානය වෙතින් සහය ලබා දෙනවා. යටිතල පහසුකම් සැපයිම හා පුනරුත්තාපන කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින අතර සංවර්ධන සහ ජීවනෝපායන් ලබා දීමේ ව්‍යාපෘති සහ ස්ථීර ලෙස පදිංචි කිරීම් වෙත ආරක්ෂාව යොදවා තිබෙනවා. අපි ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව නැගෙනහිර ප්‍රදේශ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සියලුම සාධක සැලකිල්ලට ලක් කරමින් වැඩපිළිවෙලක් සකස් කරන්නට උත්සහ කරනවා. මානවීය කටයුතු සිදු කිරීම සඳහා දිනෙන් දින අපට ඉඩකඩ ලැබෙමින් තිබෙනවා. ඒ තුළින් උතුරේ සහ නැගෙනහිර කටයුතු පහසුවෙන් සිදු කළ හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අපට අභියෝග රැසක් එල්ල කරනවා. පසුගිය වසර තිහක් පුරා විවිධ සමාජ-දේශපාලන මතවාද තිබුණා. ත්‍රස්තවාදී ගැටුම් වලින් විශාල ලෙස ජීවිත මෙන්ම දේපළ හානිත් සිදු වුණා. ජාත්‍යන්තර ජනතාවගේ විශ්වාසය, ශ්‍රී ලංකා රජය මෙම ගැටලුවට සාමකාමී විසඳුමක් ලබාදෙයි යන්නයි. ජනාධිපතිතුමා සමාජ ආර්ථික සුභ සිද්ධිය උදෙසා සියලුම පක්ෂ සඳහා සාකච්ඡා මේසයට ආරාධනා කර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ රඳාපවතින සාමයක්. ජාති, ආගම් භේධ නොතකන සෞභාග්‍යයක්. ශ්‍රී ලංකාව විවිධ ආගම්, විවිධ ජාතීන් සහ විවිධ භාෂාවන්ගෙන් සමන්විත සමාජයක්. මිනිසුන්ගේ අනන්‍යතාවයට ගරු කිරීම, මනුෂ්‍යත්වයට ගරු කිරීම තුළින්මයි අපට මෙම වාර්ගික අර්බුධය විසඳලා මිනිසුන් අතර සමගිය වගා කරන්නට හැකියාව ලැබෙන්නේ.එසේම ජාත්‍යන්තර සමාගම් සහ ආයතන වලින් නොකඩවා ලැබෙන සහයෝගය අපට ලොකු ශක්තියක්.කෙසේ වුවත් මම තරයේ විශ්වාස කරනවා මෙම දැක්ම යථාර්ථයක් බවට පත්වේවි කියලා. |