![]() |
![]() |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|
|
ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි ආධාර සැපයීම නිසි ආකාරයෙන් සිදුකිරීමට ක්‍රියා දාමයක් සකසා තිෙබන බව
ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පවසයි
නොවැම්බර් 12වන දින The Island පුවත්පතේ "Probe INGOs"ලෙස පල වූ ලිපියේ සඳහන් වූ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්වෙත කිසිදු මුදල් ප්‍රතිපාදනයක් සලසා නොමැත. එවැනි තත්ත්වයකදී රජයේ ස්ථාවරය නැවත ප්‍රකාශ කරමින් ආපදා හා මානව හිමිකම් අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ, කොටස්කරුවන් සමඟ සාකච්ඡා පවත්වා අපක්ෂපාතී සහ සාධාරණ විමර්ශනයක් පැවැත්වීම සිදුකරන බවයි. එවැනි පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවකදී ප්‍රතිඵල ලැබීමට පෙරාතුව පක්ෂපාතී සහ වැරදි හෝ උපකල්පිත විනිශ්චයක් ලබාදීම මාධ්‍යයේ වගකිවයුතු නිලධාරීන් නොකල මනා දෙයකි. ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය වරයා මුලසුන දරන මානවීය කටයුතු පිළිබඳ උපදේශන කමිටුව (CCHA) සිය ප්‍රතිපත්ති සහ කටයුතු පිළිබඳ සාකච්චඡා කිරීම සඳහා පවත්වනු ලබන සභා වාරයේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. 2007 ජනවාරි 19 වන දින පැවති සිව්වන සභාවාරයේදී උක්ත කරුණු පිළිබඳව ගත් තීරණ පහත දැක්වේ. එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් වෙත උපකාර කලා යැයි චෝදනා ලැබ ඇති සංවිධානය පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට අයිතිය ඇත. විමර්ශන කටයුතු සිදුකිරීමේදී චෝදනා ලත් පාර්ශ්වය සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ලැෙබන ප්‍රථම අවස්ථාව ලබා දිය යුතුයි. විමර්ශන කටයුතු අවසන් වන තුරු කිසිඳු පාර්ශවයකට කිසිඳු ප්‍රකාශයක් සිදු කළ නොහැකිය. තව දුරටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයන්හි මෙහෙයුම්වල පැහැදිලි බව සහ සාධාරනත්වය තහවුරු කිරීමට CCHA විසින් රාජ්‍ය, ප්‍රතිපාදන සලසන පාර්ශ්වයන්, එක්සත් ජාතීන්, සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගෙන් සමන්විත අනුකමිටු පිහිටුවා ඇත. ඒ අනුව මෙහෙයුම් ක්‍රියාදාමයේ වර්ධන තත්ත්වයන් මානව සහ සංවර්ධන කටයුතු සඳහා යොමුවී සිටින සියලුම කොටස් කරුවන්ගේ එකඟත්වය මත එය පැවැත්විණි. මෙවැනි කටයුතුවල අරමුණ වන්නේ රජය සහ ජාත්‍යන්තර රජයේ නොවන සංවිධාන අතර පවතින්නාවූ සහයෝගීතාවය වර්ධනය කිරීම හා රාජ්‍ය සහ රජ්‍ය නොවන සංවිධානවල මෙහෙයුම් ඒවායෙහි නීති රීති රාමුවට අනුගතව සිදු කිරීම සඳහා පැහැදිලි මෙන්ම සාධාරණ, යහපත් රාජ්‍යයක ප්‍රතිපත්තිවලට අනුව සිදු කිරීමයි. මෙම එකඟතාවය රජයේ කොටස්කරුවන් අතර පවතින භාර ගැනීම් සහ පහසුකම් සැලසීමේ තත්ත්වයන් වර්ධනය කිරීමට ඉවහල් වනු ඇත. ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මානවීය උපකාර සහ සහන සැලසීමේ නිරතව සිටින දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ද්වී පාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය නියෝජිතායතයන රජය ඉතා අගයකොට සලකයි. එය රජය සහ නියෝජිතායතන අතර ඵලදායී සම්බන්ධයක් පවත්වාගෙන යාමට මෙන්ම මානුෂීය අවශ්‍යතා සඳහා කාර්යක්ෂම ප්‍රතිචාර දැක්වීමටද උපකාර වනු ඇත. ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යංශය විශ්වාස කරන පරිදි මෙම ක්‍රියාදාමයන් සහ වැඩසටහන් පවතින හදිසි තත්ත්වයන් සඳහා ප්‍රමාණවත් බවයි. මෙම ක්‍රියා පටිපාටීන්ගේ උල්ලංගණයක් සිදුවුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් වගකීම දරනු නොලබයි. 2007 නොවැම්බර් 12 |