![]() |
![]() |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|
|
අමාත්‍ය මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ජාත්‍යන්තර සරණාගතයන්ගේ දිනය වෙනුවෙන් ජූනි 28 වන දින 2007 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පවත්වන ලද දේශනය
ගෞරවනීය අමුත්තනි,මහත්ම මහත්මියණි. ජාත්‍යන්තර සරණාගත දිනය සැමරීම වෙනුවෙන් ඔබව ඇමතීමට ලැබීම සතුටකි. අද දිනය ජාත්‍යන්තර සරණාගත දිනය ලෙස වෙන්කර තිබෙනවා. සරණාගත තත්ත්වයට ඔවුන් පත්වී තිබෙන්නේ සමහරවිට දේශ සීමා අරගල හෝ ගැටුම්කාරී තත්ත්වයන් නිසාවෙනි. මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් වසරේ එක් දිනයක් පමණක් වෙන් කොට අවධානය යොමුකිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඔවුන් සමඟ වසරේ තුන්සිය හැටපස් දවසේම හිඳීමයි වැදගත් වෙන්නේ. මගේ අදහසට අනුව නම් අද දිනය තුළ අප අවස්ථාව ලබා ගතයුත්තේ, ජනතාව වෙත අසරණ බවට පත්වූවන් පිළිබඳව අවබෝධය ලබාදීම සහ අසරණ වූ පුද්ගලයින්ට අහිමි වූ නිවාස , දේපළ සහ ජීවත්වීමේ අයිතිය ලබාදීම පිළීබඳ මහජනතාව කෙරෙහි පවතින වගකීම පැහැදිලි කරදීමටයි. සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම ආරම්භ වූයේ දේශ සීමා මායිම් හේතුවෙන් අසරණ වී රටෙන් පිට ජීවත්වන සරණාගතයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළත් වශයෙනි.අපි හොඳාකාරයෙන්ම දන්නා පරිදි දස දහසක් මිනිසුන් අප රට තුළම අසරණවී සිටිනවා. රට අභ්‍යන්තරයේ අසරණවී සිටින මෙවන් පුද්ගලයන් පිළිබඳව රජයක් වශයෙන් අපගේ මූලික අවධානය යොමු විය යුතුව තිබෙනවා.ඒ අනුව දේශ සීමා අරගලය හේතුවෙන් අවතැන් වී අසරණ වී රට තුළ සිටින සහ රටෙන් පිට වෙනත් රටවල් සඳහා පලා ගිය සරණාගතයන් යන දෙපිරිසම අපගේ අවධානයට ලක්විය යුතුයි. මිනිසා විසින් සිදු කරන සහ ස්වභාවික විපත් රට තුළ සරණාගතයන් බිහි කිරීමට තවත් හේතු සාධකයක් වෙනවා. මානව අයිතිවාසිකම් අහිමි වූ පුද්ගලයන් වෙනුවෙන් මූලිකව අවධානය යොමු කිරීම මාගේ අමාත්‍යාංශය සතුව පවතින කාර්යභාරයක්. මුදා නොගත් ප්‍රදේශවල සිටින අසරණ වූවන්ගේ අයිතීන් පිළිබඳව සුරක්ෂිතභාවය තහවුරු කිරීම ප්‍රධාන වශයෙන්ම අපට අභියෝගයක්ව පවතිනවා. අභ්‍යන්තර අසරණ වූවන් පිළිබඳ මම පෞද්ගලිකවම අවධානය යොමු කර තිබෙනවා. මානුෂ කටයුතු මාර්ගෝපදේශනය පිළිබඳ උපදේශන කමිටුව සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කොට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මායිම් ගම්මානවලට ප්‍රවාහනය කිරීම සහ එම ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීමටත් කටයුතු කර තිබෙනවා. අවස්ථාව ලැබෙන සෑමවිටම රට තුළ පවතින සරණාගත අර්බුදය පිළිබඳව සාකච්ඡා කරනවා. මෑතකදී පැවැත්වූ ජිනීවා සාකච්ඡාවලදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කැපවී සිටින බවයි. ශ්‍රී ලංකාවේ පවතින අභ්‍යන්තර සරණාගතයින් පිළිබඳ ගැටලුව වර්තමානය වනවිට උග්‍රතාවයට පත්වී ඇත. ශ්‍රී ලංකා රජය විසින් එසේ අසරණ වූ පුද්ගලයන් නැවත පදිංචි කරවීමට මහත් උත්සාහයක් දරන අතර ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා රක්ෂණ ක්‍රමයක්ද ඒ පිළිබඳ ස්වේච්ඡාවෙන් කටයුතු කරන ආයතන සමඟ ක්‍රියාත්මක කරනවා. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසමේ සහය ලැබෙන අතර එය ජාත්‍යන්තර ආරක්ෂාව සහ තත්ත්වයන් මත සිදු වෙනවා. එසේම එම සංවිධානයේ සහයෝගය ඇතිව අභ්‍යන්තරව අවතැන් වූවන් වෙනුවෙන් මෙහෙයුම් සැලසුමක්ද සකස් කර ඇත. මේ වන විට එම සැතසුම් කටයුතු අවසන් වී ඇති බව දන්වා සිටින්නේ සතුටිනි. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම සමඟ එහි කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නෙමු. විශේෂයෙන් රට අභ්‍යන්තරයේ අවතැන් වූවන් කෙරේ අවධානය යොමු කරමින් සියලුම සමාජවල පවතින විරෝධතාවයන් ආවරණය වන ආකාරයෙන් පුළුල් ආරක්ෂක රාමුවක් මෙම මෙහෙයුම් සැලසුම තුළින් ගොඩනැංවෙනු ඇත. මෙම සැලසුම වාහරෛ සහ බටහිර මඩකලපුව යන ප්‍රදේශවල මෙම සැලසුම දැනටමත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා රජය සහ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය වෙත දක්වන ලද සහයෝගය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම වෙත සහ එහි නියෝජිතයන් වෙත මාගේ ස්තූතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම සහ අප අතර ඇති සබඳතාවය ගිවිසුමකට එහා ගිය ශක්තිමත් බැඳීමක් ලෙස මම දකිමි. එසේම ඔබලාගේ නිරන්තර සහයෝගය අපගේ ඉදිරි කටයුතුවලදීද අපේක්ෂා කරමු. ස්තූතියි. |