![]() |
![]() |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
|
|
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් වව්නියාවේ මානුෂිය මෙහෙයුම් කටයුතු නැවත අරඹයි අත්අඩංගුවට ගැනිම්,රදවා තබා ගැනිම්.
සැක කටයුතු පැහැර ගැනිම්/අතුරුදහන්විම් පිළිබද පැය 24 පුරා ක්‍රියාත්මක
දුරකතන සේවාවක් ස්ථාපිත කිරිම ශ්‍රි ලංකා රජය පාර්ශවයෙන් දේශපාලන
කැමැත්තක් නොතිබු බවට අන්තර් ජාතික විද්වත් මණ්ඩලය කිසි විටෙකත් චෝදනා
නොකළේයැයි සිය ස්ථාවරය පැහැදිළි කරමින් එහි සභාපති විසිසුරු පි.එන්
භගවති මහතා පවසයි.
අන්තර් ජාතික ස්වාධින විද්වත් මණ්ඩලය
සාමාජිකයින්ගේ ඉල්ලා අස්විම සහ එහි 6වන ප්‍රසිද්ධ නිවේදනය නිකුත් කිරිම
වෙනුවෙන් ශ්‍රි ලංකා රජය විසින් නිකුත් කරන ලදි ශ්‍රි ලංකාව පිළිබදව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව සාවද්‍ය කරුණු වලින් ගහන අතර ශ්‍රි ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබද වැරදි චිත්‍රයක් මවා පායි මානව හිමිකම් ප්‍රතිපත්ති පිළිබදව අගහරුවාදා නිකුත් වූ (2008 මාර්තු 12) ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2007 මානව හිමිකම් වාර්තාවේ ශ්‍රි ලංකාව පිළිබද වාර්තාවට ප්‍රතිචාර දක්වමින් සිය ස්ථාවරය පැහැදිළි කිරිමට ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 2007 සැප්තැම්බර් 3 2006වසරේ අගෝස්තු මාසයේ සිදුවූ ACF සාමාජිකයන් 17 දෙනාගේ ඝාතන සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ කොමිසම වෙත ඕස්ට්‍රේලියානු ජ්‍යේෂ්ට වෛද්‍ය මැල්කම් ඩොඩ්ගේ අතිරේක වාර්තාව ඉදිරිපත් කරන ලෙස ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ඇටෝර්නි ජනරාල් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විසින් "Indipendent Forensic Investigation of the Muttur Massacre" නමින් වූ මෙම අතිරේක වාර්තාව අනුරාධපුර මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. මැල්කම් ඩොඩ් ගේ මූලික වාර්තාවේ පැවති වාර්තාවේ සඳහන් වූයේ 5.56ක විශ්කම්භයකින් යුත් උණ්ඩවලින් මෙම ඝාතන සිදු කර ඇති බවයි. එය නිවැරදි නොවන බව සඳහන් කරමින් මෙම අතිරේක වාර්තාව නිකුත් කෙරිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය මැල්කම් ඩොඩ් ප්‍රකාශ කළ සිටියේ උණ්ඩ සම්බන්ධයෙන් තමන්ට විශේෂඥ දැනුවක් නොතිබුණු බවත් මේ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කළ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ලබාදුන් තොරතුරු අනුව එවැනි නිගමනයකට එලැඹි බවයි. මෙම ඝාතනවල දෙවැනි මරණ පරීක්ෂණය සඳහා සම්බන්ධ වූ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා විසින් මේ සම්බන්ධයෙන් වූ දිවුරුම් පෙත්සමක් අනුරාධපුර උසාවියට ඉදිරිපත් කර ඇති බව අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යතුමන්ට දන්වා ඇත. අගෝස්තු 3වන දින අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයක සඳහන් වූයේ "වෛද්‍ය ඩොඩ්ගේ මූලික වාර්තාවේ ඇති අදහස් සහ අන්තර්ගතය යොදා ගනිමින් විවිධ අන්තර්ජාතික කණ්ඩායම් විසින් ශ්‍රී ලංකා රජය පිළිබඳ අප්‍රසාදජනක ප්‍රතිරූපයක් මැවීම සහ ශ්‍රී ලංකා රජය සහ එහි විමර්ශන කටයුතු වල අවංකභාවය ප්‍රශ්නාර්ථයට ලක් කරමින් වෛද්‍ය ඩොඩ් ගේ වාර්තා භාවිතා කළ අය, ඔවුන්ගේ දෝශ සහගත වාර්තා නැවත සකස් කිරීමටත්, අනාගතයේදී කරුණු කාරණා නිවැරදිව නොදැන ඉක්මන් අවසාන තීරණ කරා නොඑළඹීමටත් තරයේ වග බලා ගත යුතු බවත්ය. ඩොඩ්ගේ කරුණු මත පදනම් වෙමින් චෝදනා එල්ල කළ ජාත්‍යන්තර ජූරි කොම්සම මෙම අතිරේක වාර්තාව නිකුත් වීමෙන් පසුව වුවද එම චෝදනා නිවැරදි කිරීමට කටයුතු කර නොමැත. අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කර ඇත. උණ්ඩ වෙනස් කිරීමක් ආදීය හේතුකොට උණ්ඩ සම්බන්ධ සාක්ෂි වෙනස්වීම සම්බන්යෙන් විවිධ පාර්ශ්වයන් විසින් දක්වන ලද උනන්දුව, පැහැදිලි කිරීම් හා පරීක්ෂණවල විනිවිදභාවය වෙනුවෙන් මෙම අතිරේක වාර්තාව එළි දක්වන ලදී. අමාත්‍යාංශය විසින් එම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ කලින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් සදොස් තැන් සම්බන්ධ කර ගනිමින් රජය වෙත චෝදනා එල්ල කිරීමේදී කටයුතු කළ ආකාරයෙන්ම අතිරේක වාර්තාව ඔස්සේ ඉදිරිපත් කළ නිවැරදි කරුණු සඳහාද ඒ ආකාරයේම ප්‍රසිද්ධියක් ලබාදීමට කටයුතු කරන ලෙසයි. මෙම විමර්ෂණ කටයුතු අපක්ෂපාතිව සිදු කරමින් වරදකරුවන් නිතිය ඉදිරියට පැමිණවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කැපවීමෙන් කටයුතු කරයි. වෛද්‍ය ඩොඩ්ගේ අතිරේක වාර්තාව සම්බන්ධ කළේ කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ එය ලබා ගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් වන අතර, අද වෛද්‍ය ඩොඩ් කියා සිටියේ "5.56විශ්කම්බයක් ඇති උණ්ඩයක මතය විශ්වාසදායී ලෙස ඉවත් කළ හැකි බවයි. වෙවද්‍ය ඩොඩ් තව දුරටත් කියා සිටියේ අතිරේක වාර්තාව දැන් උණ්ඩ පිළිබඳ විවාදයෙන් ඉවත් වී ස්ථාවර මතයකට එළඹිය හැකි බවයි. තවද එකම ප්‍රමාණයේ (7.62) විශ්කම්බයකින් යුතු උණ්ඩ සෑම මළ සිරුරකින් ම ලැබුනු බව කියා සිටි ඔහු ICJ වාර්තා මගින් දක්වා තිබූ පරිද්දෙන් උසාවියට ඉදිරිපත් කිරීමේදී කිසිම ආකාරයක උණ්ඩ වෙනස් කිරීමක් සිදු නොවුනු බව මාගේ විශ්වාසය වන අතර වාර්ථාවෙන් කරන ලද එම ප්‍රකාශ ඔහු විසින් තරයේ හෙළා දකිනු ලබන බවත් හෙතෙම කියා සිටියේය. අමාත්‍ය සමරසිංහ පැවසුවේ මෙම විවාදාත්මක ගැටලුව නිරාකරණය කර නිරවද්‍ය තොරතුරු තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය ඩොඩ් ගේ ඉතා ඉක්මණින් සම්බන්ධකර ගැනීමට සහය දැක්වූ කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට රජයේ ප්‍රසාදය පකාශ කර සිටිනවා. ඒකමතික බවින් යුතුව විමර්ශන කටයුතු සිදු කිරීමට දැන් කිසිඳු බාධාවක් නොපවති. අමාත්‍ය වරයා අවධාරණය කර සිටියේය. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හා යාපනයේ අත්‍යවශ්‍ය සේවා ජනරාල් එස්. බී. දිවාරත්න මහතා යාපනය ප්‍රදේශයේ කළ සංචාරය පිළිබඳ තොරතුරු තානාපති අංශ හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයන්ට පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් පසුගියදා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. ඡායාරූපයේ දැක්වෙන්නේ යාපනයේ දිසාපති කේ. ගනේෂ් මහතා විසින් තමා වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවයි. ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් පීටර් ඩයස් අමරසිංහ, එස්. බී. දිවාරත්න හා අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී විය. 2007 අගෝස්තු 29 23 වන හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නිවැසියන් ලියාපදිංචි කිරීම පිළිබඳව වූ විවිධ ක්‍රියාමාර්ගයන් සම්බන්ධව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය වෙත සිවිල් සමාජයේ නියෝජිතයන්ගෙන් කරුණු දැක්වීම ඉදිරිපත් විය. ඒ අනුව දිවයින පුරා එකම ක්‍රමයකට ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම පිණිස අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම සඳහා අමාත්‍යාංශය, නීතිපතිතුමාගේ හා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා ලදී. එම රෙගුලාසියෙන් කියවෙන්නේ, 23. (1) සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින්ම තම පොලිස් ස්ථානයට අයත් ප්‍රදේශය තුළ පදිංචි වී සිටින සෑම ගෘහ මූලිකයෙකුටම තම නිවසේ තමා සමඟ තාවකාලික හෝ ස්ථිර වශයෙන් පදිංචි වී සිටින සියලුම තැනැත්තන්ගේ හා සේවකයන්ගේ ලැයිස්තුවක් තම පවුලේ සාමාජිකයන්ගෙන් වෙනත් පදිංචිකරුවන් වෙන් කර දක්වමින් සපයන ලෙස විධාන කරනු ලැබිය හැකිය. තවද ඉහත කී පොලිස් නිලධාරියා විසින් විධාන කරනු ලැබුවහොත් කලින් කල ගෘහ මූලික විසින් සපයන ලද ලැයිස්තුවේ සිදුවන්නා වූ යම් වැඩිවීමක්, අඩුවීක් හෝ වෙනස්වීමක් එම පොලිස් නිලධරයා වෙත වාර්තා කරනු ලැබිය යුතුය. (2) (1) වැනි ඡේදය යටතේ විධානයක් ලැබුණු කිසිදු ගෘහ මූලිකයෙකු විසින් අමුත්තෙකු රඳවා ගැනීම පිළිබඳව තම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැන්වීමක් නොකර එසේ අමුත්තකු රඳවා නොගත යුතුය. (3) (1) වැනි සහ (2) වැනි ඡේද යටතේ තොරතුරැ සැපයීම සඳහා කරනු ලැබූ විධානයන්ට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින සෑම ගෘහ මූලිකයෙකුම වරදකට වරදකරු වන්නේය. මේ අනුව මහින්ද සමරසිංහ අමාත්‍යතුමන් සභාපතීත්වය දරන උපදේශක මණ්ඩලයේ හා මානව හිමිකම් පිළිබඳව අන්තර් අමාත්‍යාංශ කමිටු රැස්වීමෙහිදී මෙම කරුණු ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පොලීසිය නියෝජනය කරමින් මෙම කමිටුවට සහභාගී වන නිලධාරින් කලින් පැවති ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලදී. යෝජිත ක්‍රියාපිළිවෙළෙහි නීත්‍යානුකූලභාවය හා ව්‍යවස්ථානුකූලභාවය ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා සිටි අතර අවශ්‍ය උපදෙස් ලබාදී තිබුණි. පෙර පැවති ක්‍රමයේ විෂමතාවයන් නිවැරදි කිරීම සඳහා පොලිස්පතිතුමා දැක්වූ කඩිනම් ප්‍රතිචාරය ගැන ඔහුට ඇමතිතුමා ප්‍රශංසා කළේය. පොලිස්පතිතුමා හා නීතිපතිතුමා විසින් මෙම කාර්යයේදී මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ කමිටුව වෙත දැක්වූ සහයෝගය පිළිබඳව සතුට පළ කරන ලදී. යෝජිත ක්‍රමය ගැන ඇමතිතුමාට සෑහීමකට පත්වන බව ප්‍රකාශ කරන ලදී. මින්මතු සෑම ගෘහයකින්ම එහි නිවැසියන්ගේ විස්තර ලබාගැනීමේදී ඔවුන්ගේ ජාතිය, ආගම, භාෂාව හා එවැනි වෙනත් කරුණු ගැන තොරතුරු ලබාගැනීමකින් තොරව එය සිදු කළ යුතුය. මෙතැන් සිට ගෘහ මූලික විසින් සැපයිය යුතු තොරතුරු වන්නේ ගෘහ මූලිකයාගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය, පවුලේ සාමාජිකයන්ගේ නම් සහ වයස, හැඳුනම්පත් අංකයක් හා ඔවුන් ගෘහ මූලිකයාට ඇති සම්බන්ධතාවය පමණි. එම නිවෙස්වල තාවකාලික පදිංචිකරුවන්ගේ හා මෙහෙකරුවන්ගේ විස්තරද ලබාදිය යුතුවේ. ඔවුන් තාවකාලිකව පදිංචිවී සිටින කාලය සහ හේතුවද සඳහන් කළ යුතුය. ග්‍රාමීය මට්ටමේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් මෙම තොරතුරු රැස් කිරීමට සහය වනු ඇත. මෙම විස්තරවල වෙනස්වීමක් ඇතිවුවහොත් අදාළ පොලිස් ස්ථානාධිපති වෙත ලියාපදිංචි තැපෑලෙන් දන්වා යැවිය හැකිය. පිළිපැදිය යුතු ක්‍රියාපිළිවෙළ සම්බන්ධයෙන් විස්තරාත්මකව චක්‍රලේඛයක් පොලිස්පතිතුමා විසින් ඔහුගේ දෙපාර්තමේන්තු නිලධාරින්ට නිකුත් කර තිබේ. ඉදිරි කාලයේදී මෙම නව ක්‍රියාපටිපාටිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ජාතික ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙන ලදී. ඕස්ට්‍රේලියානු විශේෂඥයෙක් ACF සාමාජිකයන් 17 දෙනාගේ ඝාතන විමර්ශන කටයුතු පිළිබඳව රජයේ විශ්ලේශන මතය තහවුරු කරයි ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (අගෝස්තු 3) පැවති මාධ්‍ය හමුවකදී 2006වසරේ අගෝස්තු මාසයේ සිදුවූ ACF සාමාජිකයන් 17 දෙනාගේ ඝාතන විමර්ශන කටයුතු පිළිබඳව රජයේ විශ්ලේශන මතය තහවුරු කරමින් රෝග පිළිබඳ විනිශ්චය මණ්ඩල යේ ජ්‍යේෂ්ට වෛද්‍ය මැල්කම් ඩොඩ් ගේ අතිරේක වාර්තාව "Indipendent Forensic Investigation of the Muttur Massacre" පිළිබඳ දැනුම් දී සිටියේය. පෙර කී පරිදි වෛද්‍ය ඩොඩ් පැවසූ ආකාරයෙන් ඝතනය සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා රජයේ විශ්ලේශන අනුව 7.62 ක විශ්කම්භයකින් යුත් උණ්ඩයක් වැදීමෙන් නොව 5.56ක විශ්කම්භයකින් යුත් උණ්ඩයක් වැදීමෙනි. විදේශ කටයුතු ලේකම් ආචාර්ය පාලිත කොහොන විසින් වෛද්‍ය ඩොඩ්ගේ මූලික වාර්තාවේ ඇති අදහස් සහ අන්තර්ගතය යොදා ගනිමින් විවිධ අන්තර්ජාතික කණ්ඩායම් විසින් ශ්‍රී ලංකා රජය පිළිබඳ අප්‍රසාදජනක ප්‍රතිරූපයක් මැවීම සහ අපහාසයට ලක් කරමින් සිටින බව පෙන්වා දුන් අතර ජූනි මස Burnbaum වාර්තාවේද එවැන්නක් පළ වී ඇති බව හෙතෙම පවසා සිටියේය. වෛද්‍ය ඩොඩ්ගේ අතිරේක වාර්තාව සම්බන්ධ කළේ කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ එය ලබා ගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් වන අතර, අද වෛද්‍ය ඩොඩ් කියා සිටියේ "5.56විශ්කම්බයක් ඇති උණ්ඩයක මතය විශ්වාසදායී ලෙස ඉවත් කළ හැකි බවයි. වෙවද්‍ය ඩොඩ් තව දුරටත් කියා සිටියේ අතිරේක වාර්තාව දැන් උණ්ඩ පිළිබඳ විවාදයෙන් ඉවත් වී ස්ථාවර මතයකට එළඹිය හැකි බවයි. තවද එකම ප්‍රමාණයේ (7.62) විශ්කම්බයකින් යුතු උණ්ඩ සෑම මළ සිරුරකින් ම ලැබුනු බව කියා සිටි ඔහු ICJ වාර්තා මගින් දක්වා තිබූ පරිද්දෙන් උසාවියට ඉදිරිපත් කිරීමේදී කිසිම ආකාරයක උණ්ඩ වෙනස් කිරීමක් සිදු නොවුනු බව මාගේ විශ්වාසය වන අතර වාර්ථාවෙන් කරන ලද එම ප්‍රකාශ ඔහු විසින් තරයේ හෙළා දකිනු ලබන බවත් හෙතෙම කියා සිටියේය. අමාත්‍ය සමරසිංහ පැවසුවේ මෙම විවාදාත්මක ගැටලුව නිරාකරණය කර නිරවද්‍ය තොරතුරු තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය ඩොඩ් ගේ ඉතා ඉක්මණින් සම්බන්ධකර ගැනීමට සහය දැක්වූ කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට රජයේ ප්‍රසාදය පකාශ කර සිටිනවා. ඒකමතික බවින් යුතුව විමර්ශන කටයුතු සිදු කිරීමට දැන් කිසිඳු බාධාවක් නොපවති. ශ්‍රී ලංකා රජය සහ එහි විමර්ශන කටයුතු වල අවංක භාවය ල්‍රශ්නාර්තයට ලක් කරමින් වෛද්‍ය ඩොඩ් ගේ වාර්තා භාවිතා කළ අය, ඔවුන්ගේ දෝශ සහගත වාර්තා නැවත සකස් කිරීමටත්, අනාගතයේදී කරුණු කාරණා නිවැරදිව නොදැන ඉක්මන් අවසාන තීරණ කරා නොඑළඹීමටත් තරයේ වග බලා ගත යුතු බව අමාත්‍ය වරයා අවධාරණය කර සිටියේය. තන්ඩිකුලම ඝාතනය: දෝශාරෝපන ඉදිරිපත් කිරීම පසුගිය වසරේ බොවැම්බර් 18වන දින සිදු වූ තන්ඩිකුලම් කෘෂිකාර්මික විද්‍යාලයේ සිසුන් පස් දෙනාගේ ඝාතනය පිළිබඳව දෝශාරෝපන ඉදිරිපත් කිරීමට තම අමාත්‍යංශය සූදානම් වන බව ඇටෝනි ජෙනරාල්වරයා රජයට දැනුම් දුන්නේය. මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ ඇමති, මහින්ද සමරසිංහ මහතා ජූලි 4වනදා මාධ්‍ය වෙත විශේෂ දැනුම් දීමක් කරමින් කියා සිටියේ, රටට අපකීර්තියක් වන ආකාරයෙන් මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් නීතියේ රැහැනට හසුකරගත යුතු බවයි. නීතියේ රාමුව තුළ ක්‍රියා කරමින් මෙම සිද්ධිය පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක් සිදු කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව ඇමතිතුමා නැවත නැවතත් අවධාරණය කළේය. සිසුන් පස්දෙනාගේ ඝාතනයට හේතු වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් පස්දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් සිදුවූ පුපුරා යෑමකි. ඒ9 මාර්ගයේ කෝකිලායි හමුදා කඳවුර යවත ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන් කළ ට්‍රක් රථය පුපුරවා හැරීමෙන් මෙම නිලධාරීන් පස් දෙනා මරු මුවට පත් වූහ.පිපිරීම සිදුව ඇත්තේ කෘෂිකාර්මික විද්‍යාලයීය පරිශ්‍රය ඉදිරියේය. විමර්ශනයේදී අනාවරණය වූයේ පිපිරීම සිදුවීමත් සමඟම මිනිසුන් කිහිපදෙනෙක් පාසලට ඇතුල් වූ අතර ඔවුන් වෙත හදිසිවෙඩි තැබිමක් සිදු වී ඇති බවය. වවුනියාව පොලීසියේ මූලික පරීක්ෂණ වලින් අනතුරුව අපරාධ වී දෙදිනකින් අනතුරුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් එහි විමර්ශන කටයුතු බාර ගන්නා ලද අතර එයින් පසු අදාල සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙක් සහ හමුදා කෝප්‍රල් වරයෙක් අත් අඩංගුවට ගෙන වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. පොලිස් කොස්තාපල්වරයාව ජනවාරි මාසයේ දී පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගැණුනු අගර ඉන් ඉදිරියට කෙරුණු පරීක්ෂණ වලින් අනතුරුව දෝශාරෝපනය ඉහළ උසාවිය වෙත යොමුකිරීමට ඇටෝනි ජෙනරාල්වරයා තීරණය කළේය. මෙවැනි මානව හිමිකම් කඩකිරීම් සිද්ධි හෝ එවැනි අවස්ථා සඳහා මුහුණ පෑයම් අයෙක් වෙතොත් හෝ එවැනි සිදුවීද් පිළිබඳ දන්නේ නම් හෝ වහාම අදාල ස්ථාන කරා දැනුම් දෙන ලෙසත් මානව හිමිකම් මානව හිමිකම් කඩ කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට උපකාර වන ලෙසත් සමරසිංහ ඇමතිතුමා මහජනතාවගෙන් ඉල්ලා සිටී.එවැනි ක්‍රියා සඳහා නීතියෙන් දඬුවම් ලබා දීමට රජය සූදානමින් සිටින බවද හෙතෙම තව දුරටත් පැවසීය. මානව හිමිකම් සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශය 2007 ජූලි 05 අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මානවවාදී ආධාර පිළිබඳ උපදේශක කමිටු රැස්වීමේදී යාපනේ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරයි දෙසතියකට වරක් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන මානවවාදී ආධාර පිළිබඳ උපදේශක කම්ටු රැස්වීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ‚ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්‚ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේත්‚ ජාතිය ගොඩනැංවීම‚ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේත්‚ නැවත පදිංචිකිරීම සහ ආපදා සහන සේවා අමාත්‍යාංශයේත්‚ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේත් ලේකම්වරු‚ සාම ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීමේ ලේකම් කාර්යාලයේ නියෝජිත‚ ආධාර සමුළුවේ සම සභාපති සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක්‚ ඒක්සත් ජාතීන්ගේ නේවාසික ඒකාබද්ධ නිලධාරි සහ මානවවාදී ඒකාබද්ධ නිලධාරි ෆෙඩ්රික් ලියොන්ස්‚ ඒක්සත් ජාතීන්ගේ විවිධ ඒජන්සි ප්‍රධානීහු‚ යුරෝපීය කොමිසමේ මානුෂික ආධාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නොවන ආයතනවල නියෝජිතවරු සහභාගි වෙති. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා, සෞඛ්‍ය සේවා, ජනතාවගේ ජීවනෝපාය හා එහා මෙහා යෑම වඩාත් විධිමත් කිරීම පිළිබඳව ඒකාබද්ධ කණ්ඩායම විසින් නිර්දේශ ඉදිරිපත් කෙරිණි. උපදේශක කමිටුව විසින් ගන්නා ලද වැදගත් තීරණ සමහරක් මෙසේය. - යාපනේ අතිරේක ආහාර ද්‍රව්‍ය තොග තබාගැනීම සඳහා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ලෝක ආහාර වැඩ පිළිවෙළ හා සමීපව කටයුතු කිරීම - අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය යාපනේට යවන විට පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය යැවීමට වගබලා ගැනීම. - අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විසින් - * රතු හාල් මෙරටින් ලබාගෙන යාපනේට යැවිය යුතුයි. * සෑම බඩු තොගයකටම එන්නත් වැනි වෛද්‍ය සැපයීම් යවමින් තොග ගොඩනැගිය යුතුයි. * යාපනේට යවන බඩු අතරට සත්ත්ව ආහාර‚විදුලි සංදේශ අලුත්වැඩියා උපකරණ සහ සංවර්ධන කටයුතු සඳහා ගොඩනැගිලි උපකරණ ඇතුළත් කළ යුතුය. - බෙහෙත් ද්‍රව්‍ය අලෙවිකරණ පෞද්ගලික වෙළඳුන් හා මහජනයාට බෙහෙත් ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රාජ්‍ය ඹෟෂධ සංස්ථාවේ ඔසුසලක් යාපනේ විවෘත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම. මීට අමතරව, - ලෝක ආහාර වැඩපිළිවෙළ බත්තල් සහ අතිරේක ගබඩා පහසුකම් සැපයීමෙන් උපකාර කරනු ඇත. - යාපනේට බඩු යැවීමට රජය ගන්නා ප්‍රයත්නයට සහය දැක්වීම සඳහා බඩු ප්‍රවාහනය කරන ගුවන් යානයක් ලබාදීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය සලකා බලනු ඇත. තවදුරටත් ක්‍රියාකිරීම සඳහා පහත සඳහන් යෝජනා උපදේශක කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද තීරණය විය. - මසුන් ඇල්ලීම සඳහා බලය දී ඇති ප්‍රදේශය වැඩිකිරීම ගැනත්‚ආරක්ෂක නීතිරීතිවලට පටහැනි නොවී වෙනත් මාදිලියේ ධීවර යාත්‍රාවලට ඉඩදීම ගැනත් නාවික හමුදාපති,යාපනේ ආරක්ෂක බලකායේ ප්‍රධානී සහ ධීවර අමාත්‍යාංශය සලකා බැලිය යුතුයි. - යාපනේ වරායවල මගීන්ට නැවතී සිටීමට ඇති පහසුකම් වැඩිදියුණු කළ යුතුය. - ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා යාපෙන් අර්ධද්වීපයට වැඩිපුර බස් ලබාදිය යුතුය. - යාපනේට ගුවන් ගමන් ගාස්තු අඩුකිරීම ගැන සලකා බැලිය යුතුයි. ආරක්ෂක මුලස්ථානයට දැන්වීමෙන් පසු ඇඳිරි නීතිය පවත්නා කාලය තුළදීත් ලෙඩුන් එහාමෙහා ගෙන යෑමට හැකි බව ස්ථීර කෙරිණි. රතු කුරුස සහ ශාන්ත ජෝන් ගිලන් සේවා ක්‍රියාත්මක වේ. කලින් ආරක්ෂක අනුමැතිය ලබාගැනීමෙන් පසු ලෙඩුන් එහා මෙහා ගෙන යෑමට පෞද්ගලික වාහන පාවිච්චි කළ හැකි. ආපදා කළමනාකරණ ඇමති මහින්ද සමරසිංහ ඒකාබද්ධ දූත පිරිසක් සමග යාපනයට ගොස් කරුණු විමසයි යාපනේ ප්‍රදේශයට භාණ්ඩ හා සේවාවන් නොකඩවා ලැබෙන්නේද යන්නත් ඒ සඳහා අවහිරකම් ඇත්නම් ඒ කවරේද යන්නත් නිරීක්ෂණය කර එහිදී එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසේ නිර්දේශ අනුගමනය කරන්නේද යන්න සොයාබැලීම සඳහා ආපදා කළමනාකරණය සහ මානව හිමිකම් පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඒකාබද්ධ දූත පිරිසක් කැටුව 2007 පෙබරවාරි 14 වෙනිදා යාපනයේ සංචාරයක නිරත විය. මෙම කණ්ඩායමට අයත් රජයේ නියෝජිතයින් වූයේ උතුරු හා නැගෙනහිර ආණ්ඩුකාර රෙයාර් අද්මිරාල්, මොහාන් විජේවික්‍රම, ආපදා කළමනාකරණය සහ මානව හිමිකම් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පී. ඩයස් අමරසිංහ, නැවත පදිංචි කිරීමේ සහ ආපදා සහන සේවා අමාත්‍යාංශයේ ලේකම් ඒ. සී. එම්. රසීක්, අත්‍යාවශ්‍ය සේවා අතිරේක කොමසාරිස් ජනරාල් එන්. බී. ලියනාරච්චි, ආරක්ෂක අමාත්‍යාංශෙය් සහකාර ලේකම් එච්. ඒ. ඒ. චමින්ද, යාපනේ යටිතල පහසුකම් හා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් එස්. එම්. ජේ. සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, සාම ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීමේ ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ශිරානි ගුණතිලක සහ ලෝක ආහාර වැඩ පිළිවලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. එම්. ඩබ්ලිව්. ඒ. කුමාරසිරි යන අයයි. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති පියෝ මරියානි,එක්සත් ජාතීන්ගේ නේවාසික ඒකාබද්ධ නිලධාරි සහ මානවවාදී ඒකාබද්ධ නිලධාරී ෆෙඩ්රික් ලියොන්ස්, ලෝක ආහාර වැඩපිළිවලේ නියෝජිත හා මෙරට අධ්‍යක්ෂ ජෙෆ් ටාෆ්ට්-ඩික්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත අගොස්ටීනෝ බෝරා , මානවවාදී කටයුතු ඒකාබද්ධ කිරීමේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප්‍රධානී වැලන්ටින් ගැට්සින්ස්කි, යුරෝපීය කොමිසමේ මානුෂික ආධාර දෙපාර්තමේන්තුවේ කාර්යාල ප්‍රධානී ඩේවිඩ් වර්බූම්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හා සේවා දෙපාර්තමේන්තුවේ මෙරට ආරක්ෂක උපදේශක ක්‍රිස් ඩූ ටොයිට් සහ මානවවාදී ඒජන්සි සමුහයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ඒ. ඒෆ්. හෂීම් ද නියෝජිත පිරිසට අයත්වූහ. නියෝජිත පිරිස දැකබලාගෙන අවධානයට ලක් කළ කාරණා සහ නිර්දේශ මානවවාදී ආධාර පිළිබඳ උපදේශක කමිටු රැස්වීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සමග සාකච්ඡා විය. සාකච්ඡාවට භාජනය වූ කරුණු අතර මේවාද වේ. - අවශ්‍ය දේ සැපයීම, බෙදාහැරීම, ගබඩාකිරීම, නිකුත් කිරීම සහ අතිරේක තොග තබාගැනීම වඩාත් විධිමත් කිරීම. - සෞඛ්‍ය සේවාවන් සහ තොග සැපයීම සහ ලබාගැනීම,වෛද්‍ය සැපයුම් සහ උපකරණ ප්‍රවාහනය කිරීම සහ බෙදාහැරීම වඩාත් විධිමත් කිරීම. - පහත සඳහන් කර්මාන්ත සම්බන්ධෙයන් පැන නැගී ඇති ජීවිකාව කරගෙන යෑම පිළිබඳ ගැටලු හා අවහිරකම්: • ධීවර කර්මාන්තය : මසුන් අල්ලන ප්‍රදේශය පුලුල් කිරිම. ඇඳිරි නීතිය ඉවත් කිරීම සහ මසුන් ඇල්ලීමේ කාලසීමාව වැඩි කිරීම.විවිධ මාදිලියේ ධීවර යාත්‍රාවලට ඉඩදීම සහ ආරක්ෂක නීති රීතිවලට පටහැනි නොවී ඉන්ධන හිගය ගැන සලකා බැලීම. • ඉදිකිරිම් : සිමෙන්ති, වානේ කම්බි, විදුලි උපකරණ ආදී ඉදිකිරීම් භාණ්ඩ ප්‍රවාහනය ඇතුලු වෙනත් ප්‍රශ්න • කෘෂිකර්මය : බීජ හා පොහොර හිගය, යාපනේ සිට වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සහ ඉන්ධන හිගය නිසා ඇති අවහිරකම් - මිනිස් ආරක්ෂාව සහ මහජනයා එහා මෙහා යෑම. - එක්සත් ජාතීන්, ආධාර සපයන සංවිධාන, ජාත්‍යන්තර සහ අනෙකුත් රජයේ නොවන සංවිධානවලට එහි කටයුතු කිරීම. - විශ්වාසය සහ ස්ථාවරත්වය ගොඩනැගීම. මේ ගමනේදී පේදුරු තුඩුව, කන්කසන්තුරේ සහ මයිලිඩි වරාය පරීක්ෂාකර තත්ත්වය තක්සේරු කෙරිණි. මේ වරායවල පහසුකම් වැඩි දියුණු කිරීම ගැන නියෝජිත පිරිසගේ අවධානය යොමු කෙරිණි. විශේෂ බලකායේ අණදෙන නිලධාරී මේජර් ජනරාල් චන්ද්‍රසිරි, උතුරු හා නැගෙනහිර ආණ්ඩුකාර රෙයාර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, යාපනේ දිසාපති කේ. ගනේෂ් මෙන්ම විවිධ ආගමික නායකයින්, රජයේ ආයතන ප්‍රධානීන්, එක්සත් ජාතීන් හා රජයේ නොවන ජාත්‍යන්තර සංවිධාන සහ යාපනේ සිවිල් වැසියන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්විණ. යාපනේ රදගුරු ඇතුලු ආගමික නායකයින් සහ සිවිල් සමාජයේ සාමාජිකයින් සමග පවත්වන ලද සාකච්ඡාවලදී අතිශයින් දුෂ්කරතා මධ්‍යයේ වුවද අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට රජය දරන ප්‍රයත්නය පැසසුමට ලක්විය. අවහිරකම් ඇතිවුවද අඩුපාඩු ගැන සොයාබැලීමට අමාත්‍යවරයා එකඟ විය.
|