|


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය


|
වැඩසටහන්
අභිමථාර්ථ සාධනය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, අමාත්‍යාංශයේ මානව හිමිකම් ඒකකයත් පහත උපාය මාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
- ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ සඳහා ආපදා අවදානම අවම කිරීම සඳහා මාර්ග සිතියම යනුවෙන් දස අවුරුදු සැලැස්මක් සකස් කිරීම. (මීට ළඟාවීමට ව්‍යාපෘති 109ක් හඳුනාගෙන තිබේ.)
- දිස්ත්‍රික් ආපදා පෙර සූදානම් සැලැස්ම සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
- පූර්ව අනතුරු හැඟවීම් සූදානම් පණිවිඩ නිකුත් කිරීම.
- අපදා කළමනාකරණයට අදාළ දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- මානව හිමිකම් කඩවීම් පිළිබඳ මහජන පැමිණිලි අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.
- රට තුළ පවත්නා මානව හිමිකම් සුරකින සුරකින හා ප්‍රවර්ධනය කරන ආයතන වෙත අවශ්‍ය සහය සේවාවන් ලබාදීම.
- මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ ආයතන වෙත අවශ්‍ය සහයන් ලබාදෙමින් ඔවුන්ගේ සේවා සැපයීම ඉහළ තලයකට නැංවීමට සහය වීම.
- මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික ආයතන සමඟ එළඹ ඇති ගිවිසුම් ප්‍රකාරව මානව හිමිකම් සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන මෙවලම් රට තුළ ක්‍රියාත්මක කිරීමට සහය ලබාදීම.
- ගැටුම්වලට මැදිව අභ්‍යන්තර අවතැන්වූවන් බවට පත්ව සිටින ජන කොටස්වලට සහය සැපයෙන ජාතික මට්ටමේ සේවාවන් සැපයීම සහ අදාළ සියලු පාර්ශ්වයන් සමඟින් සම්බන්ධීකරණය කිරීම.
|