SINHALATAMILENGLISH


ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ විෂය පථය



පෙර දී පැවති ආපදා කළමනාකරණ අමාත්‍යාංශ‍යේ 2006 පෙබරවාරි මස 20 දින නිකුත් කරන ලද අති වි‍ශේෂ ගැසට් නි‍වේදනය මගින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යාංශය වශයෙන් නැවත නම්කොට ස්ථාපිත කරනු ලැබීය. ‍මෙම නව අමාත්‍යාංශ‍යේ පළමු අමාත්‍යවරයා ‍ලෙස ගරු මහින්ද සමරසිංහ මැතිතුමා අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කරන ලද අතර,අමාත්‍යාංශය ‍වෙත පැවරුණු විෂයයන් පහත ප්‍රකාර වන්නේය.

  • ව්‍යසන අවම කරලීම, වැළැක්වී‍මේ ප්‍රතිචාර සහ යථාතත්වීකරණය පිළිබඳ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම.

  • ජාතික ප්‍රතිපත්තිය මත පදනම් වූ ජාතික ව්‍යසන කළමනාකරණ සැලසුම හා ජාතික හදිසි අවස්ථා මෙ‍හෙයුම් සැලැස්ම සැකසීම.

  • 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත පරිපාලනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.

  • ව්‍යසන ලිහිල් කරලීම, වැළැක්වී‍මේ ප්‍රතිචාර සහ යථාතත්වීකරණය සඳහා වි‍ශේෂ ආධාර සහිත ව්‍යාපෘතීන් ඇරඹීම සහ සම්බන්ධීකරණය කිරීම.

  • එම වගකීම කාලීනව ක්‍රියා‍වේ ‍යෙදවීම සහතික කරගනු පිණිස අමාත්‍යාංශ, රජ‍යේ බලධාරීන් සහ නියෝජිතායතන, ‍පෞද්ගලික අංශයීය නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය ‍නොවන සංවිධාන සහ අදාළ ‍සෙසු සියලුම නියෝජිතායතන සමග සබඳතා ඇතිකර ගැනීම.

  • ස්වභාවික ව්‍යසන හා මිනිසා විසින් සිදු කරනු ලබන්නා වූ ව්‍යසනයන්ට අදාළව සහන සැලසී‍මේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සහ කළමනාකරණය කිරීම.

  • ස්වභාවික ව්‍යසන සහ මිනිසා විසින් සිදු කරනු ලබන්නා වූ ව්‍යසනයන් පිළිබඳව දැනුවත් කිරී‍මේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.

  • පෙර අනතුරු හැගවුම් පද්ධතීන්.

  • ව්‍යසන කළමනාකරණය, සහන සැලසීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළව රාජ්‍ය ‍නොවන සංවිධාන සහ සමාජ සුභසාධක ස්වේච්ඡා නියෝජිතායතනයන්හි කටයුතු අධීක්ෂණය කිරීම.

  • ව්‍යසන කළමනාකරණ හා මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි ලා රාජ්‍ය ‍නොවන සංවිධාන සහ සමාජ සුභසාධක ස්වේච්ඡා නියෝජිතායතනයන්හි කටයුතු පහසු කරලීම හා ඒවාට ආධාර සැලසීම.

  • මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම.

  • මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන‍්ගේ මහ ‍කොමසාරිස්වරයා සහ ‍ෙසසු ජාත්‍යන්තර හා කලාපීය මානව හිමිකම් ආයතන සමග කටයුතු සම්බන්ධීකරණය කිරීම.

  • කාලගුණ විද්‍යා සමීක්ෂණ හා පර්යේෂණ


මෙම විෂයන්ට අමතරව 2006 ජූනි මාස‍යේ සිට අභ්‍යන්තර අවතැන්වූවන් පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු අතිගරු ජනාධිපතිතුමන් විසින් ‍මෙම අමාත්‍යාංශයට පවරනු ලැබූ අතර,සරණාගතයන්ට සහන සපයන රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය ‍නොවන සංවිධාන සමඟ මනා සම්බන්ධීකරණයක්, වි‍ශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සම්බන්ධතාවයන් ‍ගොඩනඟා ගැනී‍මේ රජ‍යේ අවශ්‍යතාවයට උපරිම දායකත්වයක් සැප‍යේ.

සොයන්න
සතියේ ඡායාැපය
Download Font

2008 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියන්හි ප්‍රගතිය

 

දෙසැම්බර් 10 දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා සෑම වර්ෂයකම අප අමාත්‍යාංශය මගින් රට තළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2008 වර්ෂ‍යේ මානව හිමිකම් දිනය සැමරීම සදහා සියලුම දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා වූ ව්‍යාපෘති යෝජනා අතරින් වඩා හොද ව්‍යාපෘති යෝජනා 09ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සදහා රැ. 250,000/=ක උපරිමයකට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (ඹභෘඡ) සහයෝගය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

 

කාලගුණ වාර්තාව

කාලගුණ වාර්තාව 2009 සැප්තැම්බර් 17දා සිට 27 දක්වා

දිවයිනේ නිරිත දිග කොටසේ කිහිපයකින් වැසි වාර්තා වූ අතර, 18 දින සිට වායූ ගෝලයේ ඇතිවූ කැළඹිලි ස්වභාවයක් නිසා, එම වැසි තත්ත්වයන්ගේ වර්ධනයක් ඇතිවී තිබිණී. අපර භාගයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ගිගුරුම් සහිත වැසි වාර්තා විය.

පසුගිය සතියේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිමී 113.3, 18 දින මාලිබොඩ ප්‍රදේශයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් 37.5, 20 දින තිකුණාමලය ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය සෙල්සියස් 13.2 නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා විය.



ඉදිරි සතියේ කාලගුණ තත්ත්වය (2009 ඔක්තෝම්බර් 30 සිට 04 දක්වා)

නිරිත දිග කොටසේ තැනින් තැන වැසි බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


තොරතුැ
පුවත්
වැඩසටහන්
සම්බන්ධ වීමට
රාජ්‍ය යොමු