2007. 09. 27 ප්‍රවෘත්ති නිවේදනයයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවේ යෝජනා කෙටුම්පත පිළිබඳ සඳහනක් නොමැත ශ්‍රී ලංකාව පිළිබඳ පළවූ ඇතැම් ප්‍රවෘත්ති වාර්තා හා ඉදිරිපත් වූ විවිධ ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු කරමින් දැන් පැවැත්වෙන එත්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හය වැනි සැසිවාරයේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැත. මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධ යෝජනා කෙටුම්පත් අදාළ කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාල සීමාව සැප්තැම්බර් මස 24 වන සඳුදා මධ්‍යහන දොළහෙන් අවසන් විය. එහෙත් එක්සත් ජාතීන්ගේ 62 වැනි මහ සම්මේලනයට සහභාගී වන ශ්‍රී ලාංකික දූත කණ්ඩායමට යුරෝපීය සංගම් දූත කණ්ඩාවයම අවධාරණය කළේ ශ්‍රී ලංකාවට එරෙහි එවන් කිසිදු යෝජනාවක් අදාළ කාල සීමාව තුළදී ඉදිරිපත් නොවූ බවයි. සැප්තැම්බර් මස 24 වන සඳුදා පස්වරු 3.00ට මානව හිමිකම් කවුන්සලයේ මහ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ යෝජනා කෙටුම්පත් රැගත් අවසන් ලේඛනය විශ්ලේෂණය කළ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට එරෙහි කෙටුම්පතක් පිළිබඳ කිසිදු සටහනක් නොවූ බව යුරෝපීය සංගම් දූත කණ්ඩායම ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව දැන් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ නිල වාර්තාවට නිල වශයෙන් එවැනි කෙටුම්පතක් හෝ යෝජනාවක් පිළිබඳ කරුණු ඇතුළත් නොවනු ඇත. එනම් අදාළ කෙටුම්පත සලකා බැලීම සම්බන්ධ නීතිවලට අනුව යුරෝපීය සංගමය මගින් පසුගිය වසරේදී සකස් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ලේඛනය බල රහිත එකක් බවට පත් වේ. ඉහත කරුණු සලකා බැලීමේදී මෙරට ඇතැම් පුවත්පත් අවධාරණාර්ථයෙන් ප්‍රකාශ කළ පරිදි යුරෝපීය සංගමය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ යෝජනාව සලකා බැලීම කල් දමා නොමැත. අදාළ පුවත්පත් මගින් ප්‍රකාශ කළ එම කරුණු සපුරා පදනම් විරහිත වන අතර ඉන් වැරදි නිගමනද ලබාදී ඇත. මේ අතර, මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ඉන්දියාව, ජපානය, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව සහ බංගලාදේශය නියෝජනය කරමින් පැමිණ සිටි දූත කණ්ඩායම් මානව හිමිකම් සුරැකීමට මෙන්ම ප්‍රචලිත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කර සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට ආසියානු, අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු හා නැගෙනහිර යුරෝපීය රාජ්‍ය කණ්ඩායම් මෙන්ම කලාපීය රාජ්‍ය කණ්ඩායම් වන නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය සහ ඉස්ලාමීය සභා සංවිධාන කිසිදු සහයෝගයක් ලබා නොදුන් බව සඳහන් කළ මනාය. ඊට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළත් වන බටහිර රාජ්‍ය කණ්ඩායම්ද පූර්ණ සහය ලබාදුනි.
