රජයේ ස්ථාවරත්වය සනාථ කරමින් මානව හිමිකම් කවුන්සිලය අතිවිශිෂ්ට ලෙස ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කරයි.
2009 වසරේ 27වන බදාදා ජිනීවා නුවරදී පැවැත්වූ එකක් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 11 වන විශේෂ සැසිවාරය විශිෂ්ට ලෙස ජයග්‍රහණය
කරවීමට ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් නායකත්වය දෙන ලදී. ශ්‍රී ලංකාවේ විසඳුම් යෝජනාවලියට කවුන්සිලයේ
47ක් වන සාමාජිකයන්ගෙන් 29ක් පක්ෂවද 12ක් විරුද්ධවද 6ක් ඡන්දය භාවිතා කිරීමෙන් තොරවද ජයග්‍රහණය කිරීමට හැකිවිය. දින එකහාමාරක සැසිවාරයෙන්
අනතුරුව ශ්‍රී ලංකාව සාමාජික රාජ්‍යයන් සමඟ සුහද අවබෝධතා පත්‍රයක් සකස් කිරීමට පියවර ගන්නා ලදී.
සාමාජික රටවල් 17ක් විසින් සම ආධාර කරන ශ්‍රී ලංකාවේ මූලික විසඳුම් යෝජනා ක්‍රියාවලිය තුළ ඇති ධනාත්මක යෝජනා අවධානයට ගනිමින් බදාදා සවස කවුන්සිලයේ
සැසිවාරයට පෙර වැඩිදියුණු කරන ලදී. මෙම අවස්ථාවේදී යුරෝපීය සහයෝගීතාවය වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයන් සහ අනෙක් රටවල් ශ්‍රී ලංකාවේ විසඳුම්
යෝජනාවලියට තවත් වෙනස්කම් 9ක් යෝජනා කිරීමට සමත් විය. මේ පිළිබඳව වැඩිදුරටත් සළකා බැලීමට වැළක්වීමට සමත්වූයේ කියුබානු රාජ්‍යයේ නිශ්ශබ්ද
ක්‍රියාවලියයි. අවසානයේදී ශ්‍රී ලංකාවේ විසඳුම් යෝජනාවලිය පැහැදිලි වැඩි ඡන්ද ලබාගනිමින් සාමාජික රටවල් 17ක සහභාගිත්වයෙන් සම්මත විය. තවත් වෙනත් රටවල්
කිහිපයක් වෙනුවෙන් යෝජනා කෙරුණු ස්විස් රාජ්‍යයේ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නොසළකා හරින ලදී. එසේම පශ්චාත් යුධ
වාතාවරණයේදී ජාත්‍යන්තර පර්යේෂණ හා ජාත්‍යන්තර අධීක්ෂණ ක්‍රයාවලි වාර්තා පිළිබඳ යෝජනාද නිශ්ප්‍රභා විය.
26වන අඟහරුවාදා අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් කරන ලද ආරම්භක කථනයෙන් පසු ශ්‍රී ලංකාව සහ කවුන්සිලයේ සම්බන්ධතාවයට මනා පෙරවදනක් සැපයිණි.එහිදී ඔහු
ජාත්‍යන්තර සමාජයේ මිත්‍රයන් සමඟ ක්‍රියා කිරීම අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් කවුන්සිලයේ කලාප සහ හරස් කලාප රටවල කණ්ඩායම් සමඟ පෙරසේම ක්‍රියාකරන
බවත් පැවසීය. එසේම තවදුරටත් කරුණු දැක්වූ ඔහු පවසා සිටියේ ද්විභාෂික හා බහු භාෂික රටවල හවුල්කරුවන් විවිධ වූ ක්‍රමෝපායන් ඔස්සේ පශ්චාත් ගැටුම් කාලය තුළ
ක්‍රියා කරන්නට දරන උත්සාහයටද හැකිතරම් පහසුකම් සලසන බවද, නම් වශයෙන් සඳහන් කරමින් අපහසුතාවයන්ට පත් කිරීම අනවශ්‍ය බවද පවසා සිටියේය. ශ්‍රී
ලංකාවේ පුළුල් දැක්මකින් යුතු දළ විසඳුම් සැකසුමට ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් විසින් සම අනුග්‍රහය දක්වා තිබෙන අතර වෙනත් රටවල් විසින් සම අනුග්‍රහය දක්වා
තිබෙන අතර වෙනත් රටවල් විසින් යෝජිත සංවර්ධනාත්මක හා ප්‍රායෝගික යෝජනා පිළිබඳවද සළකා බලන බවද අමාත්‍යවරයා පැවසීය. NAM සහ OIC යන මානව
හිමිකම් කවුන්සිලයේ වැදගත් හරස් කලාප වල සාමාජිකයන් අපට දක්වන සහයෝගය ඉතා අගය කරන බවත් අප්‍රිකානු හා ආසියානු කණ්ඩායම් වලින් ලැබෙන උපරිම
සහයෝගය ඉතා අගය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මානව හිමිකම් සුරක්ෂිත කිරීමට හා ප්‍රවර්ධනයේ ලා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම නම් වන විසඳුම් යෝජනාවලිය
තවත් කිහිප ආකාරයකින්ම වැදගත් වේ.
රට අභ්‍යන්තරයේ ඇති නීති වලට බාධා නොවන අයුරින් එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තියේ 1හා 2 වගන්ති මේ පිළිබඳව මැනවින් විදහා දක්වයි. එමඟින් සිය කැමැත්තෙන්
තොරව සිවිල් වැසියන් රඳවා තබා ගැනීමේ ක්‍රියාවලියට නැවතීමේ තිත තබනු ලැබේ.රට තුළ අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කරවීමේ ජාතික ක්‍රියාවලිය හෙවත් මහින්ද
රාජපක්ෂ ජනාධිපති තුමාගේ වැඩ පිළ්ිවෙලට එමඟින් නිරායාසයෙන්ම අනුග්‍රහය දැක්වේ. එය පුරව ත්‍රස්ත සටන්කාමීන් පුනරැත්තාපනය කිරීමේ, LTTE ළමා
සොල්දාදුවන් රැක බලා ගැනීමේ හා ගැටුම් පැවතුන ප්‍රදේශයන්හි සමාජ ආර්ථික තත්ත්වය නලා සිටුවීමේ ක්‍රියාවලියට ධනාත්මක ලෙස බලපායි.
එසේම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කිමුන් මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරාධනා කිරීමෙන් පසු ඔහු විසින් එළැඹෙන නිගමනයන්ද විසදුම්
යෝජනා වලියවිසින් පිළිගනු ලබයි.
13 වන සංශෝධනය තුළින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පශ්චාත් ගැටුම් වලට දේශපාලනික විසදුම ලබා දීමට කැපවීම් ක්‍රියාවලියට සහ සුළු ජාතීන් වෙන්කොට තැකීම
වැළැක්වීම සිදුවේ. එක්සත් ජාතීන් සහ වෙනත් ජාතීන්ගේ සංවිධාන සමග එක්ව කටයුතු කිරීම සහ ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණිමට මෙන්ම ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීම
පිළිඉදව ශ්‍රී ලංකාවේ සහයෝගය අගය කෙරේ. අවසාන වශයෙන් ශ්‍රී ලංකාව විවෘත ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට තමන්ගේ සංවර්ධන හා දුගී බව තුරන් කිරීමේ සටනට
සහයෝගය දක්වන ලෙස ඉල්ලා සිටී.
එහිදී ලැබෙන මූල්‍යමය සහයෝගය මගින් මානවඅයිතිවාසිකම් යථාර්තයක් බවට පත් කොට ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතීන් සුරක්ෂිත වීම අපේක්ෂා කෙරේ.
එක්සත් ජාතීන් සදහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක ශ්‍රී ලංකාවේ විසදුම් යෝජනා වලිය ජීනීවා හිදී හදුන්වා දෙමින් ප්‍රකාශ කරන ලද්දේ ඒ සදහා
සාමාජිකයන්ගේ අවබෝධාත්මක අවධානය ලැබිය යුත්තේ විවිධ වූ පැතිකඩයන් ස්පර්ෂ කරන්නා වූ ලියැවිල්ලක් ලෙස බවයි.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග නීතිඥ මොහාන් පීරිස්, ආපදා කළමනාකරණ හා මානව හිමිකම් කවුන්සිලයේ ලේකම් මහාචාර්ය රජීව විජේසිජහ, තානාපති
දයාන් ජයතිලක සහ විදේශ කටයුතු ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ උපදේශක ආචාර්ය රොහාන් පෙරේරා යන අයද කවුන්සිලය සදහා සහභාගී විය.
