ඕස්‍ට්‍රේලියානු රජයෙන් රුපියල් මිලියන 250ක් වටිනා බොෂිනා 4+ වර්ගයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර 05ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරේ
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් විසින් යුද්ධය පැවති කාල පරිච්ඡේදය තුළ උතුරු ප්‍රදේශයන්හි වළලා තිබෙන බිම්බෝස්බ ඉවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් රුපියල් මිලියන 250ක් වටිනා චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත බොෂිනා 4+ වර්ගයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍ර 05ක් සහ එම යන්ත්‍රවලට අවශ්‍ය අමතර කොටස් ශ්‍රී ලංකා රජය වෙත ලබාදීම අද (16) සිදු කෙරුණි.
ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කැති කේ. ක්ලූප්මන් මහත්මිය විසින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා වෙත මෙම යන්ත්‍ර ප්‍රදානය කරන ලදී.
මෙම යන්ත්‍ර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම මත ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකය හරහා උතුරු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා යෙදවීමට පියවර ගනු ලැබේ.
මෙම අවස්ථාවට ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්. කේ. කේ. කුමාරසිරි මහතා, එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත නීල් බුනේ මහතා, එක්සත් ජාතීන්ගේ ජ්‍යේෂ්ඨ වැඩසටහන් කළමනාකරැ වූරියා නකර්දාහි මහතා සහ යුද හමුදා ප්‍රධාන ඉංජිනේරු බ්‍රිගේඩියර් උදය නානයක්කාර මහාතා ද සහභාගි වූහ.
කපිල ආරියවංශ
අධ්‍යක්ෂ (මාධ්‍ය)


