SINHALATAMILENGLISH


ව්‍යසන කළමනාකරණ ජාතික සභාව



2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත මගින් ග්‍රී ලංකාවේ දේශ භූමිය ඇතුළත සිදුවන ඇතැම් ව්‍යසන නිසා ග්‍රී ලංකාවේ මනුෂ්‍ය ජීවිත, මහජන දේපළ හා පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් හා සැලැස්මක් පිළියෙළ කිරීම හා එම සැලැස්ම හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මෙම පනත යටතේ ව්‍යසන කළමනාකරණ ජාතික සභාව පිහිටවනු ලැබීය. එකී සංයුතිය පහත පරිදි වේ.

සභාවේ සභාපති ජනාධිපතිතුමන්

සභාවේ උප සභාපති අග්‍රමාත්‍යතුමන්

විපක්ෂ නායකතුමන්

පහත සඳහන් විෂය අමාත්‍යවරුන්ගෙන් සමන්විත වේ.



1. සමාජ සුබසාධන
2. පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ
3. පරිසරය
4. ස්වදේශ කටයුතු
5. සෞඛ්‍ය
6. විද්‍යා හා තාක්ෂණ
7. නිවාස
8. වෙරළ සංරක්ෂණ
9. වාරිමාර්ග
10. විදුලි බලය
11. ආරක්ෂක කටයුතු
12. පොලීසිය
13. මුදල්
14. ඉඩම්
15. ධීවර හා ජලජ සම්පත්
16. විදේශ කටයුතු
17. ජල සම්පාදන
18. මහාමාර්ග
19. නාගරික සංවර්ධන
20. අධ්‍යාපනය
21. ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය
22. ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය
23. ජාතිය ගොඩනැගීමේ අමාත්‍යංශය


(ඉ) සෑම පලාත් සභාවකම ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන්ද, එසේ පලාත් සභාවක් තෝරා පත්කර නොගත් අවස්ථාවකදී එම පලාත් සභාවේ ආණ්ඩුකාරවරයාගෙන්ද සමන්විතවේ.

2007 ජූලි මස 30වන දින අති ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දෙවන ජාතික සභාවාරයේදී පහත සඳහන් තීරණ ගනු ලැබිණ.

01.ව්‍යසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ දෙවන රැස්වීමේදී ගනු ලැබූ තීරණ

1. ව්‍යසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ ලේකම් වශයෙන් ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයා වන පී. ඩයස් අමරසිංහ මහතාව එකී සභාව විසින් 2007.07.30 දින සිට පත් කරන ලදී.
2. ව්‍යසන කළමනාකරණය පිළිබඳ ජාතික සභාවේ ලේකම් කාර්යාලය ලෙස ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යංශයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
3. ආපදා කළමනාකරණ, ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීමේ, ජාතිය ගොඩනැගීමේ යන විෂයයන් භාර අමාත්‍යවරුන්ද ජාතික සභාවේ සාමාජිකයන් බවට පත්කිරීමට තීරණය කරන ලදී.
4. සුනාමි පූර්ව අනතුරු ඇඟවීම, ආපදා ක්ෂණික ප්‍රතිචාර, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා අවම කිරීම හා ආපදා අවදානම් කලාපවල ගොඩනැගීම් සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා පත් කළ තාක්ෂණික උපදේශක කමිටුව සඳහා ජාතික සභාවේ අනුමැතිය පළ විය.
5. නායයාම් අවදානම අධික ප්‍රදේශවල ඉදිකිරිම් සිදුකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කරන ලදී.
6. ආපදා ක්ෂණික ප්‍රතිචාර කටයුතු සඳහා යොදා ගැනීමට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල රු.ලක්ෂ 5ක අරමුදලක් තැන්පත් කර තැබීමට තීරණය කරන ලදී.

සොයන්න
සතියේ ඡායාැපය
Download Font

2008 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියන්හි ප්‍රගතිය

 

දෙසැම්බර් 10 දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා සෑම වර්ෂයකම අප අමාත්‍යාංශය මගින් රට තළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2008 වර්ෂ‍යේ මානව හිමිකම් දිනය සැමරීම සදහා සියලුම දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා වූ ව්‍යාපෘති යෝජනා අතරින් වඩා හොද ව්‍යාපෘති යෝජනා 09ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සදහා රැ. 250,000/=ක උපරිමයකට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (ඹභෘඡ) සහයෝගය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

 

කාලගුණ වාර්තාව

කාලගුණ වාර්තාව 2009 සැප්තැම්බර් 17දා සිට 27 දක්වා

දිවයිනේ නිරිත දිග කොටසේ කිහිපයකින් වැසි වාර්තා වූ අතර, 18 දින සිට වායූ ගෝලයේ ඇතිවූ කැළඹිලි ස්වභාවයක් නිසා, එම වැසි තත්ත්වයන්ගේ වර්ධනයක් ඇතිවී තිබිණී. අපර භාගයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ගිගුරුම් සහිත වැසි වාර්තා විය.

පසුගිය සතියේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිමී 113.3, 18 දින මාලිබොඩ ප්‍රදේශයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් 37.5, 20 දින තිකුණාමලය ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය සෙල්සියස් 13.2 නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා විය.



ඉදිරි සතියේ කාලගුණ තත්ත්වය (2009 ඔක්තෝම්බර් 30 සිට 04 දක්වා)

නිරිත දිග කොටසේ තැනින් තැන වැසි බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


තොරතුැ
පුවත්
වැඩසටහන්
සම්බන්ධ වීමට
රාජ්‍ය යොමු