SINHALATAMILENGLISH


දැක්ම

"වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා"


මෙහෙවර

මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් සහ ප‍‍‍්‍රවර්ධනය කරමින්, ස්වභාවික සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද ව්‍යසන ඵලදායීව වලක්වා ගැනීම සහ අවම කිරීම තුළින් සාමකාමී, සෞභාග්‍යමත් සහ ගෞරවනීය වු මිනිස්​​ ජීවිතයකට වාසස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම.


අභිමතාර්ථ


  • ආපදාවන්ගෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම
  • මහජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම හා ප්‍රවර්ධනය

ක්‍රියාත්මක ව්‍යුහය


අමාත්‍යාංශයේ මෙම අභිමථාර්ථ ඉටුකර ගැනීම සඳහා සහ රාජ්‍ය නොවන ප්‍රතිපත්ති ක්‍රියාවට නැවීංම සඳහා අමාත්‍යාංශය යටතේ පහත ආයතන ක්‍රියාත්මක වේ.

  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව http - http://www.meteo.slt.lk/
  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - http://www.dmc.gov.lk/
  • ජාතික ගොඩනැගිලි පර්යෙ‍්ෂණ සංවිධානය - http://www.nbro.gov.lk/
සොයන්න
සතියේ ඡායාැපය
Download Font

2008 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියන්හි ප්‍රගතිය

 

දෙසැම්බර් 10 දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම සදහා සෑම වර්ෂයකම අප අමාත්‍යාංශය මගින් රට තළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. 2008 වර්ෂ‍යේ මානව හිමිකම් දිනය සැමරීම සදහා සියලුම දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය ආයතන මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා වූ ව්‍යාපෘති යෝජනා අතරින් වඩා හොද ව්‍යාපෘති යෝජනා 09ක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීම සදහා රැ. 250,000/=ක උපරිමයකට යටත්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (ඹභෘඡ) සහයෝගය ඇතිව මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.

 

කාලගුණ වාර්තාව

කාලගුණ වාර්තාව 2009 සැප්තැම්බර් 17දා සිට 27 දක්වා

දිවයිනේ නිරිත දිග කොටසේ කිහිපයකින් වැසි වාර්තා වූ අතර, 18 දින සිට වායූ ගෝලයේ ඇතිවූ කැළඹිලි ස්වභාවයක් නිසා, එම වැසි තත්ත්වයන්ගේ වර්ධනයක් ඇතිවී තිබිණී. අපර භාගයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් ගිගුරුම් සහිත වැසි වාර්තා විය.

පසුගිය සතියේ වාර්තා වූ උපරිම වර්ෂාපතනය මිමී 113.3, 18 දින මාලිබොඩ ප්‍රදේශයෙන්, උපරිම උෂ්ණත්වය සෙල්සියස් 37.5, 20 දින තිකුණාමලය ප්‍රදේශයෙන්ද, අවම උෂ්ණත්වය සෙල්සියස් 13.2 නුවර එළිය ප්‍රදේශයෙන්ද වාර්තා විය.



ඉදිරි සතියේ කාලගුණ තත්ත්වය (2009 ඔක්තෝම්බර් 30 සිට 04 දක්වා)

නිරිත දිග කොටසේ තැනින් තැන වැසි බලාපොරොත්තු වේ. දිවයිනේ සෙසු ප්‍රදේශයේ දී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.


තොරතුැ
පුවත්
වැඩසටහන්
සම්බන්ධ වීමට
රාජ්‍ය යොමු